
(අංජුල මහික වීරරත්න)
ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 පෙරවරුවේ දිවයිනෙන් බැහැර යයි.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසි වාරයට සහ කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 කණ්ඩායමේ සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී සහභාගී වීමට නියමිතය.
මුලින්ම කියුබාවේ හවානා නුවරට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජී 77 සමුළුවට සහභාගී වෙයි.
ජී 77 සමුළුව යනු ආර්ථික වශයෙන් සංවර්ධනය වන රටවල් 134ක සාමාජිකත්වය සහිත සංවිධානයකි. ශ්‍රී ලංකාව ද ජී 77 කණ්ඩායමේ සාමාජිකයෙකි.
මෙම සමුළුවෙන් අනතුරුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙයි.
සැප්තැම්බර් 19 වෙනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය පැවැත්වෙන අතර ජනාධිපතිවරයා 21 වැනිදා එම සැසිවාරය ඇමතීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටවල්වල ජනාධිපතිවරු හෝ අගමැතිවරුත් මේ තරමට විදේශ සංචාර කරනවද? රටකට ගිය කලක්...
රටේ සල්ලි වලින් කරන වැඩේ තමයි ඔය. අඩුම ගානෙ එක එක රටවල් වලට දෙකට නැමෙන්නෙ නැතිව ආවොත් ඇති.
ජනතා වරමක් නැතිව බංකොළොත් රටක් නියෝජනය කරන්න මෙයාට මාර ත්‍රිල් එකක් තියෙනවා වගේ...
ජනධිපතිතුම, ලොකෙ ස ෑම රට රටකම යන්න. ඔබතුමා මෙ දූපත විනාශ වෙන්න යන්න නෝන්ඩිය බෙරගත්ත. එ ගෞරවට ලොකෙන් ඔබට ආරාදනා ලබෙනව. කියුබාව දැන් විනාශ වෙගෙන යන්නෙ. බොහොම හොදයි ගිහින් එන්න. සුබගමන්!
බලමු මචන්ල පාත්තරෙ පිරෙන්න දීල එවයිද කියල. එගොල්ලො මෙයා එනව කියල ආරංචිවෙලා හැංගෙයිද මන්ද?
ජනතාව ගෙවන බදු සල්ලි වලින් නිතර රට සවාරි යන දේශපාලකයින් ඉන්න එකම රට ලංතාව වෙන්න පුළුවන්. යන්නෙත් තනියම නොවෙයි ලොකු කණඩායමක් එක්ක. ගුවන් ගමන් ගාස්තු හෝටල් බිල් කොමපණ තිබේ දැයි දන්නෝ දනිති.ඒ මොන සමුළුවලට ගියත් රටේ දියුණුවක් නම් නැහැ.
මේ උන්දැ හේතුවක් හොයා හොයා ඉන්නේ රට සවාරියක් ගහන්න , ගියපාර යහපාලන කලෙත් වැඩිහරියක්ම හිටියේ පිටරටවල සංචරය කරකර , ඒවා එකකින්වත් රටට ලැබුණු වාසියක් නැහැ , අඩුමගානේ පස්කුප්‍රහරයවත් වලක්වගන්න තිබ්බ රටවල රවුන් ගහන එක නවතතල් රටේ ආරක්ෂාව ගැන පොඩ්ඩක් හොයල බැලුවනම්
කිසිම දේක වගකීමක් බාරගන්නේ නැති බලතණ්හාවෙන් පිරුණු අය...
අපරාදෙ අපෙ බදු සල්ලි. වැඩක් කරන්න පුලුවන් හරි මිනිහෙක් ගියානම් රටට ප්‍රයොජනයක් වෙන්න තිබුන.
අනේ දෙවියනේ මෙයාට ආයෙත් පණපිටින් ලංකාවට එන්න වරම්දෙන්න එපා...
තව පොඩි කාලෙ නිසා මෙයා පුළුවන් තරම් ජනතාවගේ සල්ලිවලින් ඇවිදිනවා. ගිනස් වාර්තාවක් තියාවි. අඩුම කාලයක් තුළ වැඩිම රටවල් ගණනකට ගිහින් කිසිම දෙයක් නොකරපු... කියලා...
ලියපු කාටවත් මහින්ද ජනාධිපති ලෙසට සිය ගණනක් පිරිවර සමග මාස්පතා රට සවාරියේ ගියා කියලා අමතක වීම සිංහලයින්ට යමක් මතකයේ තියෙන්නේ දින හතයි කියලා ප්‍රභාකරන් කියපු දේ සත්‍යවීමක් කියන්න පුළුවන්...
කටකලියාවක් දාලා යවන්න. නැතිනම් මෙයා මොනවා කරයිද දන්නේ නැහැ..