
(අංජුල මහික වීරරත්න)
අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වන රටේ ක්‍රමය වෙනස් කිරීම තමාගේ ද පිළිගැනීම යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට සියලුදෙනාට ඉඩක් ඇති අතර අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය තිබෙන බව ජනාධිපතිවරයා කීය. විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද අරගලයට එක්ව සිටි අයුරු තමා දුටු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය අමතමිනි.
තමා ජනාධිපති ධූරය බාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බව ද කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකක් කියන්නකෝ මහත්තයෝ... හිත හදාගන්න.!
මහගෙදර හිස් පාලු අම්බලමක් කළේ මෙයා තමයි...!
එක එක වෙලාවට එක එක කතාවල්.
මේ 134 අදිපති මෙයා ජනාදිපති නෙමෙයි
මෙතුමා ජනපති උන විදිය ගැන කාගේවත් - ලෝකේ වත් වැඩි කැමැත්තක් නැති බව සත්‍යයක් නමුත් අතීතය අමතක කරලා රාජපක්ෂලා කාල වවුල් හ පයක් කරපු මේ රටට වැඩක් කරනවා නම් එක ලොකු දෙයක් රාජපක්ෂවරු රැක්කත් ඔවුන් විසින් මේ තැනට ගෙනාවත් තමන්ට ස්වාදීනව හිතල යමක් කරන්න පුළුවන් නම් එච්චරයි. නැත් නම් වෙන්නේ ගෝටට උනදේම තමයි උන්නැහේට කොන්ද පන තිබුන නැහැ හැම එකාම කියන මගුල් අහල උද්ද්දච්ච මෝඩකමට කරේම විකාර . අනික මේකත් කියන්නම ඕන මේ දවස්වල තොග ගන්නේ තරුණයෝ අත් අඩංගුවට ගන්නවා බැලූ බැල්මට නීති විරෝදී බව පෙනුනත් ඒවා එහෙම නැහැ කියලයි මගේ මතය . මොකද අරගලය ලස්සනට සාමකාමීව ගියා කව්රුවත් ගල්කටයක්වත් ගැහුවේ නැහැ ගෝට්ට මුකුත් කරගන්න බැරි උනෙත් ඒ හින්දමයි නමුත් 9 වෙනිදා එක අයාලේ ගියා නායකයෝ වැඩි උනා පහල මට්ටම ට උපදෙස් දීල තිබුනෙත් නැහැ නායකයොයි කියාගන්න කට්ටිය දනගෙන හිටියෙත් නැහැ එතනින් එහාට මොකද කරන්නේ කියල රූපවාහිනියට පැනීම ඒ වගේ ගොන් පාට් එකක් ඒ නිසා එක හින්ද බොහෝ අවනීතික දේවල් උනා දැන් ඔය කට්ටිය බුක්ති විඳින්නේ ඒවායේ ප්‍රතිපල (88 89 අරගලේදීත් 71 අරගලේදීත් මා දන්නා තරමට ඕකමයි උනේ අන්තිමට මිනීමරන තීරණ ග
රට තවත් බංකොලොත් කරන්නැතුව යන්ඩ.