
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (2) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදුටුවෙිය.
මල්වතු මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර මල්වතු මහා නා හිමියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූහ.
අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නාහිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
අස්ගිරි මහා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලූ අතර අස්ගිරි මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිසත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධා සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
13 ක්‍රියාත්මක කරගන්න මොනවද දෙන්න ඕන කියල හොයල බලන්න වෙන්න ඇති
පස්ස පැත්තට පයින් ගහලා එල්ලන ඕන. එකෙක්ට පිරිත් නූල් බඳින්න එපා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ඔතන පිරිකර උස්සගෙන ආවට ඒවත් මහජන මුදල් තමයි. ලේ ගෑවිච්ච අත්වලින් දෙන පිරිකර භාර ගන්න එපා කියලා අපි ගෞරවයෙන් ඉල්ලනවා ඔබවහන්සේගෙන්.
මේ බැහැදැකීම සඳහා මහජන බදු මුදල් වියදම් කරන්න පුළුවන් ද?
මේවා නම් මළ කෝලම්.. ලෝකයේ නොදියුණු ගෝත්‍රිකයින් සිටින රටවල තක්කඩි පාලකයින්ගේ අමනොඥ ක්‍රියා තමයි මේ. දේශපාලනයට ආගම දහම පටලවා ගෙන මේ කරන නින්දිත ක්‍රියා මට නම් විගඩමක්. දියුණු රටවල නායකයින් ජනතාවගේ ආර්ථිකය නගා සිටුවා ජනතාව පොහොසත් කරනවා. එත්, ගෝත්‍රිකන්ගේ රටවල පාලකයින් ජනතාව මුලාකොට, පුජකයින් නඩත්තු කරනවා. එහෙම රටකට සෙතක් වෙයිද? ටිකක් නැණ නුවනින් හිතන්න පුරුදු වෙයල්ලා අඥානවන්ත මිනිසුනේ... නැත්නම් ඉතින් උඹලා හා උඹලාගේ දරුවන් හැමදාම හිඟන්නු ...
බැහැදකින්න දැන්, සති පතා යනවද ? මේ දේශපාලු "බොරු සෝභන" හින්ද නායක හාමුඩුරුවනුත් බාල්දු වෙනව!
ශ්‍රී දළදා මාළිගාවට 1988 බෝම්බ ගහපු රටක් වටින කොටිකාවත්තෙ සද්ධාතිස්ස හාමුදුරුවො ඇතුළු සංගයා මරපු JVP කළුකුමාරය අටපිරිකර අරන් යනකොට හොඳද? ඔව මූලධර්මවාදී අදහස් .
නිවන් සුව