
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත බාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී.
2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාල සීමාවේදී ජනාධිපති මන්දිරයේ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදහන් වී ඇති අතර ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වන බව ජනාධිපති ලේකම්වරයා පැවසීය.
නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාල කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.
තවද, මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට මහජනතාව දක්වන සහාය ඉතා අගය කොට සලකන බව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය නාගරික සංවර්ධන ඇමැති කාලේ කටුගෙයි වටිනා පුරාවස්තු අතුරුදහන් වුණා. ඒවාට වෙච්චි දේ කවුරුවත් දන්නේ නැහැ...
ලපයා ඇතුළු කාලකණ්ණි අපත නඩයෙන් ප්‍රශ්න කළානම් හරි... එළොවටත්, මෙලොවටත් නැහැ.
ජෙප්පන් තමයි ඉතින්... ඔවුන් කොහොමත් ඕවා එක්ක තරහින් ඉන්නේ...!
පොහොට්ටුවේ ඉන්න දූෂිත කඩාකප්පල්කාරයෝ රිංගාගෙන කරපු වැඩ. දූෂිත දේශපාලුවෝ කරපුවා දිහා බැලුවාම ඔවුන්ට ඕවත් වැඩද?
හිටපු ජනාධිපති විජේතුංග මහතා පත්වීමට පෙර ජනාධිපති මන්දිරයේ අවුරුදු සීයකට වඩා පැරණි කළුවර ලී ගෘහ භාණ්ඩ රැගෙන ගොස් ඒවා වෙනුවට බාල ලීයෙන් තැනූ ලී භාණ්ඩ ආදේශ කිරීමට වගකිව යුත්තන් ගැන පරීක්ෂණයක් පැවැත්වීම හොඳයි. එසේම එහි තිබුණු අනෙකුත් කෞතුක වස්තුන් සොරකම් කර පිටරටවලට ගෙන යාම ගැනද සොයා බලන්න