(නිමන්ති රණසිංහ )
අරගල කරුවන් විසින් විනාශ කරන ලද ජනාධිපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන සතියේදී ජනාධිපති ලේකම්වරයාට බාරදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.
එම වාර්තාවේ පිටපතක් පොලිස්පතිවරයාටද බාරදීමට අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය.
වාර්තාව මේදිනවල පිළියෙල කරගෙන යන බව පැවසූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපති මන්දිරයේ විනාශ කෙරුණු දේපළ සම්බන්ධයෙන් කරුණු රැසක් එම වාර්තාවෙන් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය පැවැත්වූයේ ජනාධිපති මන්දිරයේ විනාශ කෙරුණු දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් අනුවය.
බස්නාහිර පළාත් පුරාවිද්‍යා සහකාර කොමසාරිස් ෂ්‍යාමලී රාජපක්ෂ මහත්මියගේ අධීක්ෂණය යටතේ එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීහු කණ්ඩායමක් ජනාධිපති මන්දිරයට ගොස් මෙම පරීක්ෂණය පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd