(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
අරගලය පැවති අවස්ථාවේදී ජනපති මන්දිරයේ තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් විශ්වවිද්‍යාල සිසුන් විසින් භාර දෙනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
ජනාධිපති මන්දිරයේ අල්මාරියක තිබූ එම මුදල විශ්වවිද්‍යාල සිසුන් විසින් ඒ අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට ලබා දෙනු ලැබ ඇති අතර, පසුව එය කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට භාරදී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී විශ්වවිද්‍යාලයේ සිසුන් අදාළ මුදල සිය භාරයට ගෙන එම මුදල් ගණන් කිරීමෙන් පසු වීඩියෝ ගත කර අදාළ මුදල පොලිසියට භාරදී තිබිණ.
මෙම මුදල සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇතැයි ද කොටුව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹලා දුවේ පුතේ රටක් වටින මිනිස්සු... ජයවේවා...!
මොකටද ඒක ඇතුලේ තියෙන දේවල් අතපත ගාන්නේ. මහත්මා අරගලයක් නම් එහෙම වෙන්න බෑ..!
පොලිසිය විශ්වාස කරන්න තරම් මොලේ ආවේ කොහෙන්ද? පෙරකදෝරුවෙක් මාර්ගයෙන් මහා බාර කාරයාට දෙන්න තරම් මොලේ නොතිබුනේ ඇයි?
අරගලකරුවන් පාලකයින්ට වඩා විශ්වාස දායකයි කියලා තේරෙනවාද? අර 225න් කෙනෙකුට විශේෂයෙන්ම අර කප්පම් හරි, කසිප්පු විකුණන අයට අහුවුණා නම් මොනවා වේවිද?
ඉතාම හොඳ උදාහරණයක්... අපේ දේශපාලකයින්ට ස්තුතියි..!
නියමයි, ඉදිරියටම යමු.... අපෙග් ප්‍රණාමය..!
මිලියන 17.5ක්. මොකටද මුදල්වලින් තියාගෙන හිටියේ...? ඒක හොයන්න සී.අයි.ඩී. එකට වගකීමක් නැද්ද? යූ ටියුබ් ළමයි පස්සෙන් ගිහින් නිකන් නෝණ්ඩි වුණා. මෙන්න අල්ලනවා නම් ඇත්තම හොරු. 09 වැනිදාට කළිනුත් බැහැ. දැනුත් බැරිද?