(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති මන්දිරයේ පෞරාණික දේ විනාශය සම්බන්ධයෙන් වූවාර්තාව රජයට බාරදීම තවත් සති කිහිපයක් ප්‍රමාද වනු ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම වාර්තාවට තවත් විස්තර ඇතුලත් කිරීමට ඇති හෙයින් භාරදීම මෙසේ ප්‍රමාද වන බව ඒ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය

ජනාධිපති මන්දිරයේ විනාශ වූ සහ අස්ථානගත වූ දේපළ සම්බන්ධයෙන් පුරා විද්‍යා විමර්ශන මේ වන විට අවසන් වී ඇත.

ජනාධිපති මන්දිරයේ පෞරාණික භාණ්ඩ රැසකට හානි වූයේ ඊට ඇතුළු වූ අරගල කරුවන් ගේ ක්‍රියාකාරකම් හේතුවෙනි.