(ඩයනා උදයංගනී)
ඉකුත් 9 වැනි දින වූ සිදුවීම්වලින් ඇති වූ තත්වයන් නිසා කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් එසේ හානි සිදුකළහොත් පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම ස්ථානවල පිහිටි පැරණි ස්මාරකවලට තව දුරටත් හානිවීම වලක්වා ගැනීම සදහාත්, වටිනා පෞරාණික හා සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීම සදහාත් ආරක්ෂක නිලධාරීන් සහ අරගලයට නායකත්වය දෙන පාර්ශව සමග සුදුසු ක්‍රියා මාර්ග ගත් බවත්, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියටත් එම ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කරන බවත් ඔහු සඳහන් කර ඇත.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
ඉකුත් 9 වන දින සිදු වූ සිදුවීම් සහ ඉන්පසුව ඇති වූ තත්වයන් නිසා කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් එම ස්ථානවල තිබුණු පෞරාණික හා සංස්කෘතික වස්තූන්ට තවදුරටත් විනාශවීම සිදු වීම හෝ අස්ථාන ගත වීම වලක්වා ගත යුතු බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මාගේ විශේෂ අවධානයට යොමු වීය.
මේ අනුව හැකි පළමු අවස්ථාවේදී ම අපගේ නිලධාරීන් එම ස්ථානයන් හී ඇති වටිනා වස්තූන් ආරක්ෂා කර ගැනීමට උපරිම පියවර ගෙන ඇත. අද දින (ජුලී 12) බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය( උරුම අංශය) සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමග හානි සිදු වූ බව කියන ජනාධිපති මන්දිරය,ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන ස්ථාන මා විසින් පෞද්ගලිකවම පරීක්ෂා කරනු ලැබීය.
එම ස්ථානවල පිහිටි පැරණි ස්මාරකවලට තව දුරටත් හානි සිදුවීම වලක්වා ගැනීම සදහාත්,වටිනා පෞරාණික හා සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීම සදහාත් ආරක්ෂක නිලධාරීන් සහ අරගලයට නායකත්වය දෙන පාර්ශව සමග සුදුසු ක්‍රියා මාර් ග ගනු ලැබීය. අප දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියටත් එම ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කරනු ඇත.
මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානි කිරීම හෝ සොරකම් කිරීමෙන් වලකින ලෙසත් එසේ කළ හොත් ඒ සදහා පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් මෙයින් අවධාරණය කරමි. තවද, ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීම පොදු මහ ජනතාවගේ ද වගකීම සහ යුතුකම බවද සිහිපත් කරමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්සයා ගිය පසු ඉස්තාලය වැසීම...!
මේ රටට කළ හානියට ගෝඨාභය, මහින්ද, බැසිල් විතරක් නොව මෙම හොර, කුහක ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කළ සෑම පාර්ශවයක්ම වගකිව යුතුය. මහජන දේපළ විනාශ කිරීමට මේ ආකාරයෙන් අරගල කරුවන්ට මහජන අනුමැතියක් නැත. රාජ්‍ය දේපළ මේ ආකාරයෙන් විනාශ වීමට ඉඩහැරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමීන් මෙන්ම ඇතැම් චීවරධාරීන්ද වගකිව යුතුයි. බුද්ධිමත් රට වැසියනි, සිහි බුද්ධියෙන් ක්‍රියාකරන්න.
මේ රටට කළ හානියට ගෝඨාභය, මහින්ද, බැසිල් විතරක් නොව මෙම හොර, කුහක ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කළ සෑම පාර්ශවයක්ම වගකිව යුතුයි. මේ ආකාරයෙන් මහජන නැතහොත් රාජ්‍ය දේපළ විනාශ කිරීමට ආකාරයෙන් අරගල කරුවන්ට මහජන අනුමැතියක් නැත. රාජ්‍ය දේපළ මේ ආකාරයෙන් විනාශවීමට ඉඩහැරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමීන් මෙන්ම චීවරධාරීන්ද වගිකිව යුතුයි. බුද්ධිමත් රට වැසියනි, සිහි බුද්ධියෙන් ක්‍රියාකරන්න. මෙම අසික්කිත ක්‍රියාවට ඔබට සෘජුව නැගී සිටීමට නොහැකි වුවද ඔබගේ අදහස් අනෙකුත් අය සමග බෙදා ගනිමින් සැබෑ මහජන මතයක් ඇති කරන්න. එයයි අහිංසක සහ පීඩා විඳින ඔබට කළ හැකි හොඳම දෙය වන්නේ...
අස්සයා පැන ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහනවා. ඊට පස්සේ කාලකන්නි නිලධාරීන් බේරිලා රටේ නායකයාට වරද දානවා. සමහර නාලිකා කාලකන්නි මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානිකිරීම හෝ සොරකම් කිරීම නාලිකාවල පෙන්නුවේ නැහැ.. අරගල කරුවන්ට වෙඩි තියන කොටස පෙන්නුවා.
විනයක් නැති මිනිසුන් හුරතල් කරපු එක තමයි මේ ආණ්ඩුව කරපු ලොකු ම වරද.තවම වෙන්නෙ ඒක
අනේ, පලයන් මනතුංග. උඹයි, මමයි රකින උරුමේ. උඹලා රාජපක්‍ෂලාගේ කීමට අවුරුදු දහස් ගණනක් පැරණි උරුමයන් විනාශ වෙන්ඩ ඇරලා තියෙනවා කැලේට. උඹට ඔය ගාය හැදිලා තියෙන්නේ (රනිලට වගේ) උඹලගේ සුදු හාම්පුත්තුන්ගේ මතකයන් පළුදුවෙයි කියලා. උඹලගේ වහල් මතකයන් නැතිවෙයි කියලා
ජනතාව උසි ගන්වමින් මෙම වැරදි කෙරීමට පෙලබු නායකයන් ගෙන් වන්දි ගතයුත්යි.සිරස, ඕමල්පේ සොබිඉත, කාදිනල්,නාගනන්ද කොඩිතුවක්කු, පෙරට්ටෝ, ජ්ව්ප් , අන්තරේ මෙයට ඍජුව වග කිවයුතුයි.
ඉදිරි අවස්ථාවලදී අරගල කිරීම සඳහා දැනගැනීම පිණිසයි...! ඒ සඳහා අවශ්‍ය අවම පිරිස කොපමණ වේද?