(අංජුල මහික වීරරත්න)

මැදපෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  හමුවක් කැඳවා තිබේ. 

ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වේ.

මැදපෙරදිග සම්බන්ධ රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන අතර ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග අතර සමීප සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ප්‍රමුඛතාවය අවධාරණය ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු  කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.