
(අංජුල මහික වීරරත්න)
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් හමුවේ පැවසීය.
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා සහ බස්නාහිර පොලිස් ප්‍රධානීන් අතර හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවත්විණි.
නීතියේ විධානයේ ආධිපත්‍ය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුද බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ආණ්ඩුවකින් අපරාධ මර්දනය කළාම ඊළඟ ආණ්ඩුව ඇවිත් එම නිලධාරීන් පෝරකයට නොයවන විදිහ ජාතික ප්‍රතිත්ති සහ නීති සම්පාදනය විය යුතුයි යුතුයි. නැත්නම් නිලධාරීන් බයයි රාජකාරි කරන්න. මේ ආණ්ඩුව කරන දේවල් පේනවනෙ
හොඳටම සැර කරන්න වගේ යන්නේ. මේසෙටත් ගහයිද දන්නේ නෑ!
රම්බොඩ ඒ කතාව ඇත්ත! රවීට, ශානිට, නිශාන්තට වගේ නේද ...!! ඩග්ලස් නිමල් මතකද? එතකොට සරත් ෆොන්සේකා? දැන් කතාවෙන රෝහිත ප්‍රියදර්ශන?