(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ජර්මනියේ “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් හෙට ( 28) සහ 29 දෙදින ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වේ.
මෙම සමුළුව සඳහා ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වනු ඇත. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.
“බර්ලින් ග්ලෝබල්” සමුළුව යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පෙර පිස්සෙක් ඔබ අමතයි කියලා නිවේදකයා හෝ නිවේදිකාව සමුළුවට දැනුම් දෙයි
ලෝකේ වටේ ගිහින් බයිලා ගහනවා රටේ මන්ද පෝෂනය
විකුනන්න පුළුවන් මොනවද කියලා කියන්න
නියමයි නේ ?වයින් පාරක් ගහලා කට්ටියට අතට අත දීලා ෆොටෝ ටිකක් ගහගෙන එන්න පුළුවන් .මීළඟට යන සමුළුව තියෙන්නේ කොයි රටේද ?
ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න දන්නේ නැති එකා ආර්ථික ප්‍රතිපත්ති ගැන ලෝකෙට කියන්න ගිහින්
අපේ ලොක්කා අනුර කුමාර ඔය සමුළු අමතන කොට තමයි හෙල්ලිලා තියෙන්නේ. කට උල් කරලා දේශනා දෙනකොට අම්මපා කොහොම හිටීද? මෑන් ජර්මන් වලින්ම දෙයි.