(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ මේ අනුවය.
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනයයි. එම ලාංඡනයද වේත්‍රධාරිවරයා විසින් පසුගියදා ඉවත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කතා? සංකේතාත්මක වැඩ. බඩගින්නට ඕවා විසඳුම්ද? මෙතුමා දියුණු රටවල වැඩපිළිවෙළවල්, ලක්ෂණ කොපි කරකර ඉන්නවා. පොත් ගිනිගත්තාට පස්සේවත් වෙනස් වේවි කියලා අපි හිතුවා.
හැබැයි ඔය බයිලාවලින් අපිව තවදුරටත් ගොනාට අන්දන්න නං බැහැ. රනිල් රාජපක්ෂ ජනාධිපති සෑර්...
ඔයවගෙ මෝඩ ජෝක් කරලද මෙය රටෙ තියෙන දැවෙන ප්‍රශ්න විසදන්න යන්නෙ.
බොරු සෝබන ඇන්දවීම්...!
ඔය විකාර නොවේ... අපිට ඕනේ අලුත් ඡන්දයක්...
කිසිම කටයුත්තකදී අන්තයට යාම ඥාණාන්විත නොවේ. මේ රටේ වැදගත් ස්ථානවලට ඕනෑම අයෙකුට ඇතුල්වීමට ඉඩ සලසාදීමෙන් මේ වනවිට සිදු වී ඇති සම්පත් විනාශය පිළිබඳව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. රනිල් වික්‍රමසිංහ මහතාගේ "නාම පුවරු සහ තානාන්තර ආමන්ත්‍රණ සම්ප්‍රදාය වෙනස් කිරීමේ මෙහෙයුමෙන්" සිදුවන්නේ අප රටේ සමාජයේ යම්තාක් දුරට හෝ ඉතිරි වී තිබෙන විනීතභාවය අතුගා දැමීමයි. ඒ මහතාගේ අණ අනුව යමින් අධිකරණ පද්ධතියේද සියලු ආමන්ත්‍රණ සම්ප්‍රදායන් වෙනස් කරමු. විනිශ්චයකාරවරුන්ට "ස්වාමිනී" යයි ආමන්ත්‍රණය කිරීමද අතහරිමු. පූජ්‍ය පක්ෂයේ සියලුදෙනාටත් විශ්ව විද්‍යාලවල මෙන් "මචං" යයි ආමන්ත්‍රණය කරමු. අතිගරු නොවන ජනාධිපතිතුමනි, බුදුපිළිම එකතු කිරීම වෙනුවට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමට උනන්දු වන්නේ නම් මැනවි...
මේ බහුභූතවලින් ගැලවීමෙන් අපිට වැඩක් නැහැ. මන්ත්‍රී පෙන්ෂන් එක ගලවනවා, වාහන දීම ගලවනවා, ගෙවල් දීම ගලවනවා, මන්ත්‍රී වැටුප් දීම ගලවනවා නැතිනම් පාර්ලිමේන්තු පැමිණෙනවාට දෙන විශේෂ දීමනාව ගලවනවා.. ඔන්න ඕවායි ගැලවෙන්න ඕනේ. මනුකියවන්නාට මනු කියවීමට පඩිය දීලා හරියට කියවනවාට දීමනාවක් දෙනවා. ඒ වගේ මන්ත්‍රීට පාර්ලිමේන්තු එනවාට වැටුපක් දීම පාර්ලිමේන්තු එනවාට විශේෂ දීමනා දෙනවා නම් මේ මහ විකාරයක්නේ... මේවා තමයි අපි IMF එකට ලියන්න ඕන.. රටේ තිබෙන දූෂණ...
මේ කාරණා තුනම හරි. එයා හිතට එකඟව දන්නව එයා මහජන චන්දයෙන් පත් වුන ජනාදිපති කෙනෙක් නෙමෙයි කියල ඒ අනුව මේ සියලුම ක්‍රියා 100%ක් හරි. ඔහු තේරුම් අරගත්තනම් මේ තනතුර නාමමාත්‍රිකයි කියල ඒ ඇති ලැබුන අවස්ථාවෙන් ඉතිරි කාලය හරියට වැඩකරල රට මේ අගාදයෙන් ගොඩගත්තොත් ඊලගපාර මහජන චන්දයෙන් එන්න බැරිකමකුත් නැහැ
මම හිතන්නේ ලාංඡනේ දැක්කාම ජනවරමක් නැතිව ආව බව මතක් වෙන නිසා ගලවන්න ඇති...
ඔය මඟුල් ගලව ගලව නහින්නේ නැතුව විධායක ජනාධිපති පට්ටම ගලෝලා දැම්ම නම් ඉවරයිනෙ.