(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දැනට තීරණය කර සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකුවන ඉශාන් ජයවර්ධන යන මහත්වරු වෙති.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාටද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එම පාක්ෂිකයෝ පසුගියදා ඉල්ලීමක් කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට ඊයේ පැවසුවේ එම ඉල්ලීම සම්බන්ධයෙන් තමාගේ තීරණය ඉදිරි සති කිහිපයේදී දැනුම් දෙන බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තවමත් තීරණය කර නොමැත. මේ සම්බන්ධයෙන් අප එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා කවුදැයි තීරණය කිරීමේ බලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදී ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම පක්ෂයේ මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී තවත් අපේක්ෂකයන් එක්වීමට නියමිතය. මේ අනුව ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත්තරමුල්ලේ සීලරතන හිමි නැද්ද
අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන හොදින් හිතා බලා අනාගතයේ බුද්දිමත් තීන්දුවක් ගැනීමට ජනතාවට මොලේ පෑදේවා .
බුදු අම්මෝ අර නයි නයිදෙත් එනවද? විජේදාසයා? කොයි තරම් දක්ෂයෙක්ද? මඩ ගොඩේ ලඟින සූකරයෙක් උනත් කියාපාන්නේ මම උභය කුල පාරිශුද්ධ කිරි සුදු හා හාමි කියලයි. සල්ගාදුට කියල නඩු දම්මවල රන්ජන් රාමනායකව හිරේ යවල අපිට කියන්නේ අනේ ඉතින් මම නැත්නම් රන්ජන් තවම හිරේනෙ කියලයි
පෝලිමේ උන්නට වැඩක් නැහැ වාඩි වෙලා ඉන්න කෙනා පස්සේ මැලියම් ගාගෙන වාඩිවෙලා තියෙන්නේ
කීදෙනෙක් ඉදිරිපත් උනත් තරඟය තියෙන්නේ දෙන්නෙක් අතර
නාගානන්ද ?
හත් දෙනෙක් කිව්වට ඉතින් ඔතනින් හය දෙනෙක්ම එකට එකතු වෙනවා තමන්ගේ පැවැත්ම සඳහා පවතින දූෂිත දේශපාලන ක්‍රමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.
මේ පාර NPP VS ඔක්කොම අපේක්ෂකයින් ,රනිල් /සජිත්/සිරිසේන ඔක්කොම එකතු වෙනවා එක පැත්තකට
සමහරු ප්‍රසිද්ධියට ඡන්දෙ ඉල්ලනවා අපේක්ෂකයෙක් වෙනුවෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව මුද්‍රණ කටයුතු සදහා අධික මුදලක් වේය කරනවා මේවා මහජන මුදල් පුත්ගල ප්‍රතිරුප ගොඩනගන්න නොවේ ඡන්ද පවත්වන්නේ එම නිසා ඇප මුදල වෙඩි කර අනවශ්‍ය පරිදි ඡන්ද පත්‍රිකාවේ විශාලත්වය අඩුකර ගන්න කටයුතු කරන්න දිනන කෙන කෙසේ උවත් පරදින් සෙට් එක කියන්න පහසුයිනේ
මම නම් හිතන්නේ අර ත්‍රෛෙලා්ක විජය පත්‍ර මැඩම් තමයි සුදුසුම,...
හොර පෙරකදෝරුවා, එතනෝල් ජොනී, කුඩු ලන්සා, රත්තරන්, කප්පම්කාරයා වගේ සුදුසුකම් ඇති අය තව කොච්චරවත් ඉන්නවයි කියලද?