(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට වී ගිනි තබා අලාභානි කළැයි කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකින් පසු මෙම තරුණයන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් පිළියන්දල හා නාරහේන්පිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 හා 22 අතර පසුවන බවක් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර දුක් විඳින්න දෙයක් නැහැනේ... දැන් එතැනින් අයින් වෙච්චි පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට කතා කළා නම් කට්ටියගේ නම් ගම් ලේසියෙන් ගන්න පුළුවන්... මේ වගේ බොරු වැඩ කර කර ඉන්න ඕනෙ නැහැ.
දේශපාලකයෝ එයාලට ඕන ඕන විදියට යටිමඩි ගහමින් මුලු රටම විනාශ කරනවා. පාලකයෝ කියන්නේ කට්ට කයිරාටික හොරු රැළක් බව රහසක් නොවෙයි.