
(ඉන්දිකා රාමනායක)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 03 පස්වන පටුමගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපවලට පහර දී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගන ඇති ප්‍රධාන ක්‍රියාකාරීන් 14 දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
සිද්ධියේ නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සදහා පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයන් 14 දෙනාගේ ඡායාරූප අද මාධ්‍යවෙත මුදාහැර තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාල සමීප ආවේක්ෂණ දර්ශන වීඩියෝ දර්ශන ඇසුරින් මෙම ප්‍රධාන ක්‍රියාකාරීන් අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි.
අරගලයට සහය දක්වමින් ඉකුත් 9 දා දිවයිනේ නන් දෙසින් කොළඹ පැමිණි අරගලකරුවන් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලට ,අග්‍රාමාත්‍ය කාර්යාල, සිය ග්‍රහනය නතුකර ගැනීමෙන් පසු රාත්‍රි කාලයේ තවත් කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ පෞද්ගලිත නිවස වෙත බලහත්කාරයෙන් කඩා වැදී එහි දේපළවලට අලාභ හානි කරමින් , ගිනි තබා විනාශ කර තිබුණි.
එම විනාශ කළ දේපළ අතර, ජනාධිපතිවරයාගේ නිවසේ වසර කිහිපයක් පුරා පවත්වාගෙන ගොස් තිබු පුස්තකාලය, පෞරාණික භාණ්ඩ හා චිත්‍ර ඇතුලු ඇතුලු දේපළ වන වන පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියෙන් අනතුරුව සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළ මෙම ඡායාරූපවල සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718594950, 0718594929, 0112422176 යන අංක ඔස්සේ වට්ස්අප් මගින් හෝ ඇමැතුම් මගින් දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ජනාධිපති වුණාට ඕක විතරක් අඳුරගෙන මදි. ගෙවල් 75 ක් පිච්චුවා මංකොල්ල කාලා, ඒ අපරාධකරුවන් අතරේ ඉන්නේ ජෙප්පන් පෙරේට්ටන්... අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනෑ...
යුද්දය කාලේ මෙයලෙවෙ යුද්දෙටයි යවන්න තිබුණේ. ඒ තරමටම ජාත්‍යාලය උතුරනවා.
ඒත් සමගම මැයි 9 නිරායුධ අයට ගහපු සහ ගහන්න උසිගන්වපු අයටත් නීතිය ක්‍රියාත්මක වුණා නම්...
ස්ටාලින් ගැනත් සැකයි.. ඔහුවත් ගත්තොත් හොඳයි...!
මේ තියෙන්නෙ පැහැදිලවම. රටේ නෙවෙ ලෝකයේම කීදෙනෙක් හඳුනනවා ඇත්ද, අපි නොදන්න උනාට. දුටු තැන අල්ලනු. එවෙලෙම දන්වනු.
ඔය පාර්ලිමේන්තුවේම ඉන්න සමහරු නම් දන්නවා ඇති ඒ කවුද කියලා...?
මේක පට්ටපල් බොරුවක්.මේ ඒගොල්ලන්ගෙම කට්ටියනේ.ඒගොල්ලන්ගෙම කට්ටිය දාලා ගිනිතියාගෙන.
කරාබු කාරයෝ, කොන්ඩ ඇති අය, කොන්ඩ නැති අය මේ තමයි රට හදන්න ඉල්ලන අය අනුරට උඩු රැවුලයි යටි රැවුලයි කුරුටුගාමිය තට්ටේ.