
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද(26) පැවැත්විණි.
වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්ව තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහත්වරු සහ නාවික හමුදාවේ ඉහළ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd