(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.

ජනාධිපති කාර්යාලය ප්‍රමුඛ සියලු රාජ්‍ය ආයතන ද නව වසරේ වැඩ ඇරඹීමට පෙර රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්නේය.

 ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවා දිවුරුම ලබාදීම සිදුකෙරිණි.