(අංජුල මහික වීරරත්න)
නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බව කී ජනාධිපතිවරයා ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් වියදම් අවම කර ගැනීමට කටයුතු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සැමරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ආරක්ෂකයෝ නැතිව පාරෙ බැහැලා යන්නවත් නිදහසක් නැහැ. කොහේ කාට තියෙන නිදහසක්ද මේ ලොකුවට සමරන්නේ?
අවම කරන්න නොවේ සම්පූර්ණයෙන්ම කපාහරින්න. රටේ සාමාන්‍ය ජනතාවට වැටහෙන සත්‍යය මේ අදමිටු පාලකයින්ට නොතේරේ. ජනතාවනි, මේවා පවත්වනවාට වර්ජනය කරන්න.
මේ රට නිදහස් වෙන්න නම්... හැත්ත පස් වෙන්නම වෙනවා. පවු ඉතින් මේ අය. පත්තරෙන්ද, ෆේස්බුක් එකෙන්ද දන්නේ නැහැ දැක්කේ.. මිිලියන දෙසීයක් කෙළවලා තමයි පෙන්නන්න හදන්නේ කියලා...
කීවට ඕවා ඔහොම වෙනවද කියල අපි දන්නේ කොහොමද? දත්ත එක්ක පෙන්වන්න කියන්න. බොරුවට මිනිස්සු අන්දන දෙශපාන ය වෙනස් කරන්න, මිනිස්සු දේශපාලකයින් එවිඩන්ස් එක්ක ප්‍රශ්න කරන්න. කියවන එක එකක්, ඒත් ඒක ක්‍රියවෙන් පෙන්නපු දේශපාලකයො නැති තරම්. විෂේශයෙන් අලි පොහොට්ටු ටෙලිපෝන් මුස්ලිම් කොංග්‍රසය, වතුකරයේ දෙස්පලුවො වගේ අය