(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (20)පෙරවරුවේ දිවුරුම් දෙයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතය. රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව විශේෂ ප්රකාශයක් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියලද දන්නේ නැහැ දිවුරන්න යන්නේ... අර පළාතෙන් අහවලාට දෙන්නටත්, මේ පළාතෙන් අනිත් ගොල්ලන්ට දෙන්නටත්, එහා පළාත අහවලුන්ට දෙන්නටත් මම දිවුරා පොරොන්දු වෙමි... වගේ එකක් තමයි හරිනම් කියන්න ඕනෑ. මොකද ඉතින් ඉස්සේ කරන්නෙත් ඒකනේ... 2024 වෙද්දී ලංකාවක් ඉතුරු වුණොත් ලොකු දෙයක්..
රනිල් ගෝ ගමට එන්ඩ බැරිද?
දැන් රටේ පාර්ලිමේන්තුවේ බහුතර මතය අනුව ජනපති කෙනෙකු තේරුණා.රට වැටී ඇති,බංකොලොත් වී ඇති මේ අවස්ථාවේ සෑම දේශපාලනඥයන්ම රටේ යහපත ගැන සිතා සමගි සම්පන්න වී,විදෙස් සහයෝගයද ගෙන රට ගොඩනැගීමට කැපවිය යුතුය.රටේ අගමැති ලෙස හර්ෂ ද සිල්වා වැනි බුද්ධිමතෙකු පත්වේ නම් කෙතරම් අගනේද ?
අපේ අලුත් ජනපතිතුමාට හදවතින්ම සුබපැතුම්..!
ජීවිතයේ කවරදාවත් මහජන ඡන්දයකින් ලැබිය නොහැකි තැනක් පස්ස දොරෙන් ලබාගත්තා. හොරු රැළ දැන් සුරක්ෂිතයි. දැක්කද මහින්ද පාර්ලිමේන්තුවේ ඡන්දෙ වෙලාවේ දෙවියන්ට යදිනවා.