
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.
උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.
උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එස්. රාසමාණික්‍යම්, ජී. කරුණාකරන්, ටී. කලෙයි අරසන්, කුලසිංහම් දිලීපන් යන මහත්වරු මීට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට ඉක්මනින් ... අවශ්‍යතා සපුරා දිය යුතුයි ....
නොදකින් පිනාට ඕනි ජාතියට විනකරපු දෙමලු විතරයි .අපිව ඒ දවස් වල ඔහෙන් මුන් පැන්නුවා .අපේ තිබුණු අයිතිය ලබා දෙන්න පිනාට මතක් වෙන්නේ නැහැ .මේකට ඕනි චන්ද හදාගන්න විතරයි
සිංහල ඡන්ද නොලැබෙන බව හොඳටම දන්න නිසා දෙමළ විතරක් නෙවෙයි, පෘතුගීසීන්, ලන්දේසීන්ව හරි යයි ඡන්ද අයිතිය තියෙනවා නම්...!