
(අංජුල මහික වීරරත්න)
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවරදී පැවසීය.
ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ආරම්භ කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමිනි.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් 2015 දී සම්මත කර ගන්නා ලද තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ පසුබිම පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වසරේම COP21 හි රටවල් 196 විසින් සම්මත කරගන්නා ලද පැරිස් ගිවිසුම තවත් සුවිශේෂී ගෝලීය මුලපිරිමක් බව ද සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති තිරසර සංවර්ධන ඉලක්ක සමුළුව අමතයි
Channa Wednesday, 20 September 2023 08:50 PM
මොහු ශතවර්ෂ භාගයක් නියෝජ්‍ය ඇමැති, ඇමැති, අග්‍රාමාත්‍ය, විපක්ෂ නායක සහ ජනාධිපති වෙලා ශ්‍රී ලංකා මාතාවට කරපු සෙතේ මොකක්ද?
chandima Thursday, 21 September 2023 01:38 AM
අම්මපා ?ඉතින් ඒ නායකයොත් මෙයාගේ අඩිපාරේ යමින් ඒ රටවලුත් ලංකාව වගේ ශශ්‍රීක රටවල් බවට පත් කරනවා කිවුවා ?කිවුවානම් කියන්න අපත් ගිහින් මහබැංකුව වටේ රවුමක් ගහලා එහෙ වරායවල් වලට ලන්සුවකුත් දාලා එන්න පුළුවනි
Rata Perata Thursday, 21 September 2023 12:08 PM
මෙයාගේ ඉලක්ක ගැනනම් දැන්ම කලබල වෙන්න දෙයක් නෑ .මොකද මෙයාගේ විසඳුම එන්නේ 2048 දී නේ .වෙන රටවල් වලනම් සැලසුම් තියෙන්නේ අවුරුදු 5 කරා වගේ .අපේ එක පරම්පරා ගානකට එහා යන සැලසුම් හදන්නේ .මේවට චූන් වෙන බයියොත් ඉන්න රටක් නිසා හොඳයි