
(අංජුල මහික වීරරත්න)
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවරදී පැවසීය.
ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ආරම්භ කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමිනි.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් 2015 දී සම්මත කර ගන්නා ලද තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ පසුබිම පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වසරේම COP21 හි රටවල් 196 විසින් සම්මත කරගන්නා ලද පැරිස් ගිවිසුම තවත් සුවිශේෂී ගෝලීය මුලපිරිමක් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු ශතවර්ෂ භාගයක් නියෝජ්‍ය ඇමැති, ඇමැති, අග්‍රාමාත්‍ය, විපක්ෂ නායක සහ ජනාධිපති වෙලා ශ්‍රී ලංකා මාතාවට කරපු සෙතේ මොකක්ද?
අම්මපා ?ඉතින් ඒ නායකයොත් මෙයාගේ අඩිපාරේ යමින් ඒ රටවලුත් ලංකාව වගේ ශශ්‍රීක රටවල් බවට පත් කරනවා කිවුවා ?කිවුවානම් කියන්න අපත් ගිහින් මහබැංකුව වටේ රවුමක් ගහලා එහෙ වරායවල් වලට ලන්සුවකුත් දාලා එන්න පුළුවනි
මෙයාගේ ඉලක්ක ගැනනම් දැන්ම කලබල වෙන්න දෙයක් නෑ .මොකද මෙයාගේ විසඳුම එන්නේ 2048 දී නේ .වෙන රටවල් වලනම් සැලසුම් තියෙන්නේ අවුරුදු 5 කරා වගේ .අපේ එක පරම්පරා ගානකට එහා යන සැලසුම් හදන්නේ .මේවට චූන් වෙන බයියොත් ඉන්න රටක් නිසා හොඳයි