IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි

(අංජුල මහික වීරරත්න)

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.

"අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්  තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්  වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමමි.

 ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතා වල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමඟ සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි." යනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තැබූ එක්ස් සටහනේ සඳහන් වේ.

 



අදහස් (6)

ජනපති ට්‍රම්ප් ට සුබ පතයි

Don perea Wednesday, 06 November 2024 07:21 PM

හිනා හිනා අපි දැන් අපිට වෙන්ඩ හිනා...

:       36       84

සෙනෙවිරත්න Thursday, 07 November 2024 06:24 AM

ගොන් පෙරේරා, ඇමරිකන් රූකඩ දෙකක් පහුගිය කාලේ රටේ ජනාධිපති මුදල් ඇමැති වෙලා හිටියනේ, ඒකෙන් ඇමරිකාවට පැන්න ආරංචියක්වත් නැහැ. අනෙක පුරවැසිකම අයින් කරගෙන ජනාධිපති වෙලා පැනලා ගියා. දේශිය චින්තනයක් ගැන කතා කළ නලින් සිල්වාගේ ඇටකටු ඇමරිකාවේ බිමට පොහොර වුණා. එතකොට හිනා වුනේ නැද්ද? මේ අපේ පන්තියේ මිනිහෙක් ජනාධිපති වුණාම වලව්වල පුරුදුවෙච්චි ඇයෝට හරිම ගායක්..., මේක තමයි ජානගත නිවටකම...!

:       0       0

ලුම්බිණි Thursday, 07 November 2024 08:19 AM

මොකද්ද අවුල?

:       0       0

NimalThursday, 07 November 2024 08:50 AM

ඒකට හිනා යනවාද?

:       0       0

randil dunuwilleThursday, 07 November 2024 09:56 AM

එහෙම හිනා යනවාද? සාමාන්‍ය දෙයක්නේ... ජනාධිපති කෙනෙක් පත්වුණාම සතුරු රටක නොවෙනවා නම් සුබපතන එක, බයිඩන් ඉන්නකොටත් අනුරට සුබපැතුවනේ... හිනාවෙන්න ඕනේ මේවා ලොකුවට අරන් දඟලලා වෙන වෙන අර්ථකථන දෙන්න හදන මිනිස්සුන්ටයි.

:       0       0

shelton Thursday, 07 November 2024 05:56 AM

ඇමරිකාව සමග කිට්ටු සබඳතා පවත්වාගෙන යාම ලංකාවාසී සැමටම යහපතක්... ඒ නිසා ජනාධිපතිවරයාගේ සුබපැතීම ඉහලින්ම අගය කළයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site