
(අංජුල මහික වීරරත්න)
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.
"අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතා වල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමඟ සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි." යනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තැබූ එක්ස් සටහනේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනා හිනා අපි දැන් අපිට වෙන්ඩ හිනා...
ඇමරිකාව සමග කිට්ටු සබඳතා පවත්වාගෙන යාම ලංකාවාසී සැමටම යහපතක්... ඒ නිසා ජනාධිපතිවරයාගේ සුබපැතීම ඉහලින්ම අගය කළයුතුයි.