(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය  නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අද(19) ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද ඊට එක් වූහ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සමුළුවට එක්වූ සියලු රාජ්‍ය නායකයින් පිළිගනු ලැබීය.