(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන  මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවද ප්‍රකාශ කර ඇතැයි පැවසූ අගමැතිවරයා සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙක අතර මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද ප්‍රකාශ කළේය.