(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදීම චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසෙයි.
චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව ඉඟි පළකර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර වෙළඳ ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍රවලින් අඛණ්ඩව සහයෝගය ලබා දෙන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා චීන රජයෙන් ඉල්ලා ඇත.
තේ, කුළුබඩු, ඇඟළුම්, මැණික් ඇතුළු නිෂ්පාදන මිලදී ගැනීම සඳහා චීන සමාගම් දිරිමත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපතිතුමනි, ඔය නිවේදන නිකුත් කළාට හරියන් නෑ... නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කරන්න. ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම චීන සමාගම්වලට වාසිදායක වෙන්නේ තීරුබදු රහිත ක්‍රමයක් පැවතියත් පමණි. මට මතකයි මීට අවුරුදු හය, හතකට ඉස්සෙල්ලා චීනෙන් ලංකාවට දුන්නු කිසිම බදු මුදලක් නැතුව චීනයට කෙසෙල්ගෙඩි අපනයනය කරන්න. අඩුම තරමේ ඒ වගේ ගිවිසුමක් වත් ඇතිකර ගන්න..
ඉන්දියාවටනේ යන්න තිබ්බේ. දඹුලු ගිහින් තලගොයි ඇල්ලුවා වගේ ආණ්ඩුවේ වියදමින්ම අර දේවාලෙටත් ගිහින් බාර ඔප්පු කරන්න තිබුණානේ...
කෝ දැන් අර කියපු බාප්පලා...?
දැනගෙන උන්නේ නැහැනේ...? එහෙත් උපාධි කෝට් නිකන් දෙනවද?
ප්ලෑන් එකට තෙල් ගහන්න නවත්වන්නේ චෙන්නායිවලද?
ඊළඟට යන්න රුසියාවට... වෙන යන්න තැනක් නැහැනේ...