(අංජුල මහික වීරරත්න)
ජනපතිගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වූ පසුව ව්‍යවස්ථානුකූලව සිදු විය යුත්තේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයට පත්වීම යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
නමුත් ජනතාවගේත් අරගලයේ යෙදී සිටින අයගේත් පොදු මතය මතය වී ඇත්තේ අගමැති ඉවත් විය යුතු බව යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
"එතුමා ඉවත් වෙනවද කොහොමද කියන එක අප දන්නේ නැතැයි"මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කීය.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්ෂෝ අබේ මහතා වෙනුවෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙි අවස්ථාවේ ඉතා හොඳ රජයක් ලෙස කටයුතු කරන විට අරගල ව්‍යාපාරයේ යෙදී සිටින පිරිස සමඟ සාකච්ඡා කළ යුතු බවද පාර්ලිමේන්තුව ගන්නා මොන විදිහේ ක්‍රියාමාර්ග තිබුනත් අරගලයේ යෙදී සිටින පිරිසගේ අදහස් යෝජනා සැලකිල්ලට ගෙන කටයුතු කිරීම වැදගත් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ප්‍රමාද වුණොත් දවසින් දවස රට නරක තැනකට ඇද වැටෙන්න පුළුවන් බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරගලයේ යෙදී සිටින පිරිස සමග සාකච්ඡා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ක්‍රියා මාර්ග ගෙන රට සාමකාමී තත්ත්වයට පත් කළ යුතු බවද සඳහන් කළේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ජනතාවට අරගලයේ යෙදෙන පිරිස් කියන්න එපා. ඒ රටේ පොදු ජනතාවගේ හන්දා. මෙතෙක් කල් කළේ කුලියට කහින ගෝඨාභයගේ, රනිල්ගෙයි ඡන්ද අරන් ඒ දෙන්නට ඕන විදිහට ඒකාධිපති, අත්තනෝමතික ව්‍යවස්ථාවක් කෑලි කෑලි එකතු කරමින් ගොඩනගා ගැනීම. දැන් වෙලාව ඇවිත් තියෙනවා. මේ ඒකාධිපති බලතල ලබාදෙන ව්‍යවස්ථාව වෙනස්කොට ජනතාවට වගකියන මන්ත්‍රී මණ්ඩලයක්, අගමැතිවරයෙක් සහ ජනාධිපති තනතුරක් ඇතිවන ව්‍යවස්ථාවකට යාමට. රාජපක්ෂලා විනාශ වුණේත් රනිල්ගේ කපටි උපායමාර්ගික අවබෝධතා ගිවිසුම් නිසයි. පක්ෂ මැතිවරණ ක්‍රමය දිගටම පවත්වාගෙන යනවා නම් පක්ෂයේ ඕනෑම සාමාජිකයෙකුට පූර්ව මැතිවරණයකින් සිය ආසනය වෙනුවෙන් අපේක්ෂත්වය ඉල්ලීමටත්, මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් ඒ සඳහා පූර්ව මැතිවරණයක් පැවැත්වීමටත් කටයුතු කළ යුතුයි. මේ සේරම කරගන්නා තුරු ගෝඨාභය රට යවන්න එපා...
එන ජනාධිපති කවුරු වුණත් කමක් නෑ , හුරතල් කරන එක නවත්වලා තදින් නීතිය ක්‍රියාත්මක කරලා රටේ විනය හදන්න ඕන ආර්ථිකය ගොඩ දාන්න කලින්