IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


ජනපති ගෝඨාගේ ඇමැතුමක් ගැන කාදිනල් තුමෝ හෙළි කරති

(යොහාන් භාසුර)

‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුදින දුරකථනයෙන් දැනුම් දුන් බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළ හොත් හිතවත් සංවිධාන සහ නායකයන් විරසක වන්නේ යැයි පැවසූ බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියෝ අද (21) පැවසූහ.

‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දනයක් සිහිකිරීම වෙනුවෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී අද (21) පැවැති 5 වැනි සැමරුවේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එසේ පැවසූහ.

එම ප්‍රහාරයෙන් ආරම්භ වී ඇද වැටුණු මෙරට ආර්ථිකය අද වන තුරුත් ගොඩගැනීමට නොහැකි බවූ බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණ කිරීමට එවකට ආණ්ඩුව විජිත් මලල්ගොඩ විනිසුරුතුමාගේ නායකත්වයෙන් යුත් එක් කමිටුවක් ද, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද, ජනාධිපති කොමිෂන් සභාවක් ද, පත්කළ බවත් උන්වහන්සේ කීහ.

එම කමිටුවලින් නිර්දේශවල කරුණු ක්‍රියාත්මක කිරීමේ වගකීම 2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරයෙන් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පැවරුණු බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට පෙර මීගමුව සහ ජාඇල යන ප්‍රදේශවල පැවැති දේශපාලන රැස්වීම්වලදී සහ එතුමා සහ රදගුරු මණ්ඩල අතර පැවැති හමුවකදී ද පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිද පෙණෙන පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබඳව සාධාරණ ඉටුකරන්නේ යැයි සහතික වූ බවත් කාදිනල් හිමියෝ පැවසූහ.

පසුගිය වසරේ (2023) ඔක්තෝබර් මස 23 වැනිදා රදගුරුතුමන්, පියතුමන් සහ ගිහි පැවිරි පිරිසක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එමප්‍රහාරය සම්බන්ධයෙන් යොමු කළ ලිපියට අදාල ලිපිය ලැබුණු බවට හෝ පිළිතුරක් නොලැබීමෙන් වර්තමාන ආණ්ඩුවට ද ඒ පිළිබඳව කිසිදු උවමනාවක් නොමැති යැයි පැහැදිළි බව කී කාදිනල් හිමියෝ සත්‍ය යටත් කිරීම පැවැති ආණ්ඩුවට සහ වර්තමාණ ආණ්ඩුව ප්‍රහාරයේ සත්‍ය වසන්කරන බව ද වැඩි දුරටත් සදඟන් කළේය.

මෙම සැමරුම් වැඩසටහනට ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ඇතුළු සර්ව ආගමික ජූජකවරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ ස්ථානීය නියෝජිත මාක් ඔන්රේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (10)

ජනපති ගෝඨාගේ ඇමැතුමක් ගැන කාදිනල් තුමෝ හෙළි කරති

fairoos Sunday, 21 April 2024 07:10 PM

ගෝඨාභය සහ සහරාන් දෙන්නාම රට වැනසුවා...

:       40       63

Nihal Sunday, 21 April 2024 09:53 PM

අනිත් කන්ඩායම ක්‍රිස්තියානි සුළුතරය ඉන්න රටවල පල්ලිවලට බෝම්බ පුපුරවාගෙනම ඝාතනය කරලා ඉවරයි. පාකිස්ථානයේ, ඊජිප්තුව, ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය, ටියුනීසියාව, මොරොක්කෝව, ලිබියාව, ඇල්ජීරියාව, නයිජීරියාව ඇතුළුව රටවල් ගණනාවක ක්‍රිස්තියානින් ඉවරම කළා...

:       0       5

sachith Sunday, 21 April 2024 07:56 PM

මේ ප්‍රහාරය පැහැදිලිවම නවත්තගන්න තිබ්බ ප්‍රහාරයක්. හැබැයි පාලකයින්ට කියැවුණා වගේ ලොකු දෙයක් වෙන එකක් නෑ කියලා වාසියක් ගන්න හිතාගෙන මග ඇරපු ප්‍රහාරයක්...

:       2       2

ඉසුරු Sunday, 21 April 2024 10:50 PM

ගෝඨාභය හිටපු කාලේ නොකියා ඇයි දැන් කියන්නේ...?

:       0       10

Lalla Monday, 22 April 2024 01:25 AM

ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි වීරයා... මොනවා හෝ කර ලබාගත් බලය රැකගන්න බැරි පුහු වීරත්වය... මහජනයා රැවටීම සැමදා කළ නොහැකිය..

:       4       2

Prabha Monday, 22 April 2024 02:17 AM

අවුරුදු 5ක් හිටියාද ඕක කියන්න...?

:       0       10

Bamunuarachchi Monday, 22 April 2024 07:53 AM

ඝෝඨාභය මහත්තයෝ ඔබ කොහෙවත් ඉන්න එවුන් රකින ගිහිල්ල ඉල්ලන් කනවා නේද? පාස්කු ප්‍රහාරය බෞද්ධ අපිට අදාළ නැහැ. ඒක පරම්පරික ක්‍රිස්තියානි - මුස්ලිම් අරගලේ එක කථාංගයක් පමණයි.

:       24       15

sujith Pallewatta Monday, 22 April 2024 08:35 AM

මෙම සිද්ධිය මෙතෙක් කල් එනම් 2020 සිට 2024 දක්වා වසන් කර තබා ගනිමින් උන් වහන්සේ ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට ද්‍රෝහී වී ඇත.

:       2       30

Perera Monday, 22 April 2024 10:30 AM

පාස්කු ප්‍රහාරේ සිදුවුණේ තනිකරම රාජපක්ෂලාගේ වුවමනාවට බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා

:       10       6

සෙනෙවිරත්න Monday, 22 April 2024 12:40 PM

කෙනා අදාල නැහැ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දෙනවා කියලා කිව්ව නේද මුන්නැහෙ. කට්ටිය ඒකට පට්ට ආදරෙයි කිව්ව මතකයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අධික රස්නයට නවයක් බිලි
2024 මැයි මස 04 139 1

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 109 1

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට
2024 මැයි මස 04 438 0

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


ග්‍රාම නිලධාරින් ලෙඩවෙන බව කලින්ම කියයි
2024 මැයි මස 04 267 0

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක


රටේ ජනගහනය අඩුවෙලා
2024 මැයි මස 04 1220 9

ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා


මාවුස්සාකැලේ පතුලටම හිඳේ
2024 මැයි මස 04 793 0

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 474 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1921 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1693 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site