(යොහාන් භාසුර)
‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුදින දුරකථනයෙන් දැනුම් දුන් බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළ හොත් හිතවත් සංවිධාන සහ නායකයන් විරසක වන්නේ යැයි පැවසූ බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියෝ අද (21) පැවසූහ.
‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දනයක් සිහිකිරීම වෙනුවෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී අද (21) පැවැති 5 වැනි සැමරුවේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එසේ පැවසූහ.
එම ප්‍රහාරයෙන් ආරම්භ වී ඇද වැටුණු මෙරට ආර්ථිකය අද වන තුරුත් ගොඩගැනීමට නොහැකි බවූ බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණ කිරීමට එවකට ආණ්ඩුව විජිත් මලල්ගොඩ විනිසුරුතුමාගේ නායකත්වයෙන් යුත් එක් කමිටුවක් ද, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද, ජනාධිපති කොමිෂන් සභාවක් ද, පත්කළ බවත් උන්වහන්සේ කීහ.
එම කමිටුවලින් නිර්දේශවල කරුණු ක්‍රියාත්මක කිරීමේ වගකීම 2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරයෙන් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පැවරුණු බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට පෙර මීගමුව සහ ජාඇල යන ප්‍රදේශවල පැවැති දේශපාලන රැස්වීම්වලදී සහ එතුමා සහ රදගුරු මණ්ඩල අතර පැවැති හමුවකදී ද පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිද පෙණෙන පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබඳව සාධාරණ ඉටුකරන්නේ යැයි සහතික වූ බවත් කාදිනල් හිමියෝ පැවසූහ.
පසුගිය වසරේ (2023) ඔක්තෝබර් මස 23 වැනිදා රදගුරුතුමන්, පියතුමන් සහ ගිහි පැවිරි පිරිසක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එමප්‍රහාරය සම්බන්ධයෙන් යොමු කළ ලිපියට අදාල ලිපිය ලැබුණු බවට හෝ පිළිතුරක් නොලැබීමෙන් වර්තමාන ආණ්ඩුවට ද ඒ පිළිබඳව කිසිදු උවමනාවක් නොමැති යැයි පැහැදිළි බව කී කාදිනල් හිමියෝ සත්‍ය යටත් කිරීම පැවැති ආණ්ඩුවට සහ වර්තමාණ ආණ්ඩුව ප්‍රහාරයේ සත්‍ය වසන්කරන බව ද වැඩි දුරටත් සදඟන් කළේය.
මෙම සැමරුම් වැඩසටහනට ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ඇතුළු සර්ව ආගමික ජූජකවරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ ස්ථානීය නියෝජිත මාක් ඔන්රේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය සහ සහරාන් දෙන්නාම රට වැනසුවා...
මේ ප්‍රහාරය පැහැදිලිවම නවත්තගන්න තිබ්බ ප්‍රහාරයක්. හැබැයි පාලකයින්ට කියැවුණා වගේ ලොකු දෙයක් වෙන එකක් නෑ කියලා වාසියක් ගන්න හිතාගෙන මග ඇරපු ප්‍රහාරයක්...
ගෝඨාභය හිටපු කාලේ නොකියා ඇයි දැන් කියන්නේ...?
ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි වීරයා... මොනවා හෝ කර ලබාගත් බලය රැකගන්න බැරි පුහු වීරත්වය... මහජනයා රැවටීම සැමදා කළ නොහැකිය..
අවුරුදු 5ක් හිටියාද ඕක කියන්න...?
ඝෝඨාභය මහත්තයෝ ඔබ කොහෙවත් ඉන්න එවුන් රකින ගිහිල්ල ඉල්ලන් කනවා නේද? පාස්කු ප්‍රහාරය බෞද්ධ අපිට අදාළ නැහැ. ඒක පරම්පරික ක්‍රිස්තියානි - මුස්ලිම් අරගලේ එක කථාංගයක් පමණයි.
මෙම සිද්ධිය මෙතෙක් කල් එනම් 2020 සිට 2024 දක්වා වසන් කර තබා ගනිමින් උන් වහන්සේ ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට ද්‍රෝහී වී ඇත.
පාස්කු ප්‍රහාරේ සිදුවුණේ තනිකරම රාජපක්ෂලාගේ වුවමනාවට බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා
කෙනා අදාල නැහැ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දෙනවා කියලා කිව්ව නේද මුන්නැහෙ. කට්ටිය ඒකට පට්ට ආදරෙයි කිව්ව මතකයි.