(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කළ පුද්ගලයන් හතරදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
ජූලි නව වෙනි දින සිදු වූ කලහකාරී සිදුවීම් වලට සම්බන්ධ එම පුද්ගලයන් අගුණුකොළපැලැස්ස පදිංචි වයස අවුරුදු 38 ,42 අතර පසුවන්නන් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම හානි කරපු අය අල්ලන්න බැරිද රාළහාමි.?