(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටුව ජනාධිපති කාර්යාලට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .
ඉකුත් ජූලි 9 වැනි දින පැවැති ප්‍රචණ්ඩකාරී හා කලාහ කාරී සිදු විම්වලදී සැකකරුවන් දේපළවලට අලාභ හානි කර තිබිණි.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 10, නිකදළුපොත කුරුණෑගල හා ගෝනගම පදිංචි වයස අවුරුදු 22 හා 43 අතර පසුවන්නන් ය.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය දේපල වැනසූ මෙම විකුර්ති මනසින් යුතු කඩාකප්පල්කරුවන් සේ ම, මෙවැනි දේට මොවුන් පෙළඹ වූ පෙරටුගමි, ජවිපෙ, සජබ පක්ෂවල නායකයන් ද අත්අඩංගුවට ගත යුතු නොවේ ද?
එතකොට ජනාදිපති මැදුරෙ තියෙන දේවල් විතරඩ රාජ්‍ය දේපොල? මන්ත්‍රිවරු බලෙන් ඉන්න නිල නිවෙස්, නොගෙවන වතුර බිල් විදුලි බිල්, ඉන්දන ගල් අගුරු බෙහෙත් වර්ග ඇතුලු සියලු පාරිභොගික අවශ්‍යතා වලින් ගහන කොමිස්, ගුවන් සෙවය නට්ටම් වෙනකල් නොමිලේ ගිය සවාරි වල ගස්තු.. . මෙවත් රාජ්‍ය දේපොල . . නිල මැදුරෙ හානියට වඩා රටටම බලපාන හානියක් මෙ ලයිස්තුවෙ තියෙන්නෙ. . මොකො කියන්නෙ?? අල්ලනවද?? නත්නම් හොරුන්ට සැලියුට් ගහ ගහ ඉන්නවද?
එදා අරගල කරපු නිරපාක්ෂික තරුණයන් හා ජනතාව එක්රැස්වුනේ , දරාගන්න බැරි ජිවන වියදම, පෝලිම්, වැනී දේවල් වලින් බැට කන නිසා මිස, කවදත් මහජන දේපල ගිනි තියපු , මිනීමරු දේශපාලන හිනමානකරයන්ට කඩේ ගිහින් නොවේ .
මුළු රටම වනසපු හොරාකාපු නන්දසේන තවම නිදැල්ලේ .මුන්ට හෙන වදිනවා