(ඉන්දිකා රාමනායක)
අරගල කරුවන් විසින් ඉකුත් ජූලි මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින් එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා අද (1) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මුලින්ම ඇතුළු වූ මෙම පුද්ගලයා වැලැක්වීමට එහි සිටි නිලධාරීන් උත්සාහ ගත් අවස්ථාවේ සැකකරු පිහියක් පෙන්වා තමාට ඇතුළුවීමට නොදෙන්නේ නම් ගෙල කපාගෙන එම ස්ථානයේම මිය යන බවට පවසා නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිසිය පවසයි.
ඔහුගේ මෙම නොසන්සුන්කාරීහැසිරිමත් සමග සෙසු පිරිස් කුපිත වී ලේකම් කාර්යාලයට කාඩා වැදි ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
අරගලයේ මුල් අවස්ථාවේ සිටම ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් මෙම සැකකරු කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි (37) ව්‍යාපාරිකයායෙක් බවද එම නිලධාරියා කීය .
මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමඟම ජනාධිපති ලේකම් කාර්යාලට බලහත්කාරයෙන් කඩා වැදී මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රථම සැකකරු මොහු බවද පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්ත වත් සැකකරුවන් රැසක් හඳුනාගෙන ඇති බවත් ඉදිරියේ එම පිරිසද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම නෑ කිව්වට රනිල්ට කොන්දක් තියෙනවනේ?
හරි හරී ඔය ඇතුලට එන්නේ එකා දෙන්න. දාන්න පොටෝඑකක් අපිට බලාගන්න. දැන් කෝ ජෙප්පෝ කුරුට්ටෝ
අනේ අත්අඩංගුවට ගන්න එපා එයාව ජනාධිපති කරන්. බෙල්ල කපන් මැරෙනවා කියලා සල්ලිත් ඉල්ල ගනී IMF එකෙන්. ඊට පස්සේ අන්තරේ ලොක්කව අගමැති කරලා රැට්ටට දෙමු විදේශ කටයුතු.
කෝ මේ රටේ මානව හිමිකම් සංවිධාන ... ? සාමකාමී උද්ඝෝෂණයට අරලිය ගහ මැදුරේ සිට සංවිධානය කරනු ලැබූ මිලේච්ඡ ප්‍රහාරය නිසා තමයි නොසිතූ නොපැතූ ආකාරයට සැමදේ සිදුවුණේ . ඒත් මේ සියල්ලටම හේතුව වන මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා ආරක්ෂා කිරීම සිදුවෙන බව පෙනේ.එතෙක් සාමකාමීව පැවැති උද්ඝෝෂණ හා අරගල වෙනත් මුහුණුවරක් ගත්තේ,මැර පොහොට්ටු කල්ලි සිදුකළ ප්‍රහාරය නිසා බව දන්නෝ දනිති.එහෙත්,අද ඒ අනීතික ප්‍රහාරය සිදුකළ බොහෝ දෙනා නිදැල්ලේ ය.අනීතික ප්‍රහාරය සිදුකළ බොහෝ දෙනා දේශපාලන බලය නිසා නිසි රැකවරණය ලබනා බව පෙනේ.ඒත් අද රටේ පොලීසිය හා පක්ෂග්‍රාහී නීතිය අනීතික ප්‍රහාරය එල්ල කළ අය ගැන නොතකා අනෙක් පාර්ශවයට පමණක් දඬුවම් දීමට කටයුතු කිරීම නීතියේ සමබරතාව හා සැමට පොදු බව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව පැහැදිලිව පෙනේ.