(අංජුල මහික වීරරත්න)
75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක ය.
2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අමුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.
රටෙි සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනසක් ඇති කිරීමට නම් තරුණ ප්‍රජාව පෙරට පැමිණ නායකත්වය ගත යුතු බවත්, ජාතික යොවුන් වේදිකාව ඒ සඳහා ඔවුන්ට මහඟු අවස්ථාවක් බවත් ජනාධිපතිවරයාගේ අදහසයි.
යොවුන් වේදිකාවට එක් වීම සඳහා තමා විසින් සකස් කළ අයදුම්පතක් 2023 ජනවාරි 31 හෝ ඊට පෙර [email protected] ඊමේල් ලිපිනය මගින් හෝ “අධ්‍යක්ෂ, තරුණ හා තිරසාර සංවර්ධන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01" ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවිය යුත්තේ නාකි සෙට් එක ගෙදර යන එක... එතකොට තරුණයෝ රට හදාගනියි... ඒකට 2048 වෙනකල් ඉන්න ඕනෑ නැහැ.
ඔව්.. ඔව්... අර කෙනෙක් පටන් ගත්ත තරුණ්‍යයට හොටක් කියලා කෙනෙකුයි, තව නිල් බලකාය කියලා එකකුයි... කොල්ලනි, කෙල්ලනි... ආයෙමත් අරගලයක් නොවෙන්න ගහන මේ ගැටයට අහුවෙන්නද ඉන්නේ?
මේක විය යුතුයි
මෙයා හදන වේදිකාව පුළුවන් තරම් තමන්ට විරුද්ධ අය ඇතුළේ තියාගැනීමයි.
අනේ ඕකට නිකන් බොරුවට අයදුම් කැඳවලා රටේ කොල්ලෝ කෙල්ලෝ රවට්ටන්න බෑ .දැන් ඔය මොන අයදුම්පත් කැඳවූවත් අන්තිමට ඕකට ගන්නේ නාමල් කුමාරයාගේ යොවුන් බයියෝ සෙට් එකෙන් සහ අකිලා මහත්මියගේ යොවුන් ටෝයියෝ සෙට් එකේ ඉන්න බත්ගොට්ටෝනේ
එදා තිබුණා නිල් බලකායක්, රාජපක්ෂ පදනමක්, ඒ වගේම තව තවත් නාමික පදනම්, ආන්න ඒ වගේ තවත් එකමත් එක (කොළ) බලකායක් ද මේ හදන්න යන්නෙ?
ඕකට සිංහල කියමනක් තිබෙනවා. කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියනවා කියලා...