
(අංජුල මහික වීරරත්න)
හතරවන හා පස්වන කාර්මික විප්ලව වල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය ඉක්මවා යාමට අවශ්‍ය නවීන තාක්ෂණය කර්මාන්ත වලට හඳුන්වා දෙමින් කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2023 වසරේ අවසන් කාර්තුවේ මෙරට පැවැත්වීමට නියමිත “නව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය" පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණු අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙරට විවිධ කර්මාන්ත මේ වන විට පවතින තාක්ෂණික මට්ටමේ සිට නව කාර්මික විප්ලවවල තාක්ෂණයෙන් අනුන වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය (accelerate) දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබදව හඳුනා ගනිමින් වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම උදෙසා තාක්ෂණය උපයෝගී කර ගැනීම මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාව රවට්ටන්න හදනවද? අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලා ඇමැති, අගමැතිකම්, කරලා දැන්ද මේ කාර්මික විප්ලවයක් මතක් වෙන්නේ? මොන කාර්මික විප්ලවය කරන්නත් කළින් බලශක්ති සුරක්ෂිතතාවයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිනම් ඉතින් ඔයාලා වගේ අයට ඊන්දෙ දෙන කකුල් දෙකේ බූරුවන් දාලා තමයි කර්මාන්ත ශාලා දුවන්න වෙන්නේ..
රට බංකොළොත්... මිනිස්සුන්ට කන්න නැහැ, බෙහෙත් නැහැ. කාර්මික විප්ලව ගැන මගුලක් කතාකරනවා.
මොනවා හරි කියනවා. මොනවා හරි දානවා... මතකද වොක්ස්වැගන් කර්මාන්තය?