IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති කියුබාවේ රාජ්‍ය නායක සමුළුව අමතයි

(අංජුල මහික වීරරත්න)

“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී  කියුබාව බලා පිටත්ව යාමට නියමිතය.

“වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වේ.

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගායෙල් ඩියෙස් කැනල් (Miguel Diaz-Canel) මහතාගේ  නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වෙයි.

මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 134කින් සමන්විත විශාලතම අන්තර් රාජ්‍ය කණ්ඩායම වේ. එය දක්ෂිණ රටවලට ඔවුන්ගේ සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අවකාශය සලසන බව ජනාධිපති කාර්යාලය පවසයි. 

මෙම සමුළුවේ දී විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රයන්හි වැඩිදියුණු කරන ලද සහයෝගීතාවයක් ගොඩනැඟීම සඳහා දක්ෂිණ රටවලට ප්‍රතිසංස්කරණ සහ නව ප්‍රවේශයන් පිළිබඳ මාර්ගෝපදේශ සපයනු ලබන 'හවානා ප්‍රකාශය' ද රාජ්‍ය නායකයන් විසින් සම්මත කර ගැනීමට නියමිත ය.



අදහස් (5)

ජනපති කියුබාවේ රාජ්‍ය නායක සමුළුව අමතයි

de silva Thursday, 07 September 2023 08:44 PM

මහජන මුදල් නිකරුණේ නාස්ති කරමින් පිටරට යන්නේ වැදිබණ කියන්න.

:       1       3

ab Thursday, 07 September 2023 09:57 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අවස්ථාවේ කියුබාවේ උක් වගාව මෙතරම් සාර්ථකව කරනු ලබන්නේ කෙසේද කියා විමසා ඔවුන්ගේ තාක්ෂණික දැනුම ලබාගැනීමට ඇති හැකියාව සොයාබැලීම වැදගත් වේ.

:       0       2

මැක්ස් Thursday, 07 September 2023 10:43 PM

මාර වැඩේ ජෙප්පන්ට උනේ. කියුබාව කියන්නේ එතුමන්ලාගේ පරමාදර්ශී රට නේද? දැන් මේ ධනවාදී නායකයා දේශනා පවත්වන්නේ එහෙ ගිහිල්ල ද? හොද වෙලාවට ජේවීපී කට්ටිය මෝල්ටාව හොයා ගත්තේ තමන්ගේ අලුත්ම පතිරුප දේශය විදිහට.

:       1       3

ජගත් ලියනගේ Friday, 08 September 2023 07:01 AM

රට රටවල් වල සවාරි ගගහ ඉන්නවා. අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න කෝටියක්...

:       4       3

සල්ලි Friday, 08 September 2023 07:17 AM

කියුබාවේ මිනිසුනි, ලංකාවේ ප්‍රවෘත්තිවල වැඩියෙන්ම පෙන්නන්නේ දේශපාලන මුහුණු. ඔබේ රටේත් එසේද?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site