
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොත්මලේ මහවැලි මහසෑය පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
එහිදී කොත්මලේ මහවැලි මහසෑය බාරකාර විහාරාධිපති තිස්පනේ ජිනානන්ද නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.
පුදිබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු සොයා බැලූ ජනාධිපතිවරයා අනතුරුව තිස්පනේ ජිනානන්ද නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ පිළිසඳරක නිරත විය.
දිවංගත ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයකට අනුව මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ 1980 දශකයේ මුල් භාගයේ ඉදිකිරීම් ආරම්භ කළ කොත්මලේ මහවැලි මහසෑය මෙරට විශිෂ්ඨ නිර්මාණයකි.
හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මොකද?
අනේ සාදු.