(යොහාන් භාසුර)

බහුපාර්ශ්වීක කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මුල්‍ය සහ ආර්ථිකව පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් ඇති නිලධාරීන් තිදෙනකු පත්කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, ලෝක බැංකුවේ හිටපු වැඩබලන ප්‍රධාන ආර්ථික විද්‍යාඥා ශාන්ත දේවරාජන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ශර්මිණි කුරේ යන මහත්ම මහත්මීන් එම කණ්ඩායමට පත්කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යෑම එම කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාරය වේ.