
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ සහාය අඛණ්ඩව හිමිවන බවත්, ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව සහාය පළ කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ සහාය ලැබෙනවා කියලා දැනගෙන හමාස්වරු ප්‍රාණ ඇපකාරීන්ව නිදහස් කරයි..
ලොවම දිනු ජනපති රනිල්... ජයවේවා..!
ඊශ්‍රායලය යනු එක රටක් නමුත් එසේ වුවත් ගෝලීය වශයෙන් වෙසෙන ඊශ්‍රායල ජාතිකයන් බලවත් ජාතියක් (දේශපාලනික, ආර්ථික, සමාජීය මාධ්‍ය) බවට පත්ව තිබෙනවා. එනමුත් පලස්තීන ජාතිකයින් වෙනුවෙන් සමග සියලු මුස්ලිම් රටවල් සිටිනවා. ඊශ්‍රායල, පලස්තීන ගැටලුව එසේම පවතිනවා. කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් මේ වනවිට ඝාතනයට ලක්ව තිබෙනවා. රටවල් 193ක් නියෝජනයක් සහිත එක්සත් ජාතීන්ගේ සංවිධානය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. සත්‍ය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න ගැටළුවක් මතුව තිබේ...
දැන් හරි යුද්ධය ඉවරයි. අපේ ජනාධිපති අත් දැම්මොත් ලෝකෙම බයවෙනවා. හොඳ වැඩේ ඊශ්‍රායල් කාරයින්ට... දැන් හැන්ගෙන්න තැනක් හොයාගන්න වෙයි..