(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමවිටම නිවැරැදි තීන්දුව ගන්නා බවද අමාත්‍යවරයා කීය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට අද (20) දින සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබා දුන් පිළිතුරු මෙසේය
ප්‍රශ්නය - මොකක්ද අද තත්ත්වය?
පිළිතුර - හොඳ මට්ටමේ යනවා.
ප්‍රශ්නය - ඔබතුමා කගේ පැත්තෙද ඉන්නේ? ජනාධිපතිතුමාගේ පැත්තෙද? පොහොට්ටුවේද?
පිළිතුර - ජනාධිපතිතුමත් ඉන්නේ පොහොට්ටුවත් එක්කනේ. අපි කාගෙවත් පැත්ත ගන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ එක පැත්තේ.
ප්‍රශ්නය - ඊළඟ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් කරන්නේ එතුමා ද?
පිළිතුර - ඒක පක්ෂය තීන්දු කරනවා ඉස්සරහට.
ප්‍රශ්නය - තීන්දුව අරගෙනද තියෙන්නේ.
පිළිතුර - ඉස්සරහට ගන්නවා.
ප්‍රශ්නය - ජනාධිපතිතුමා කියලද තීන්දුව ගන්නේ?
පිළිතුර - පක්ෂය තීන්දුව ගත්තම දැන ගන්න ලැබෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෝ ජනාධිපතිගේ පිට කසනවා... ජනාධිපති පොහොට්ටුවන්ගේ පිට කසනවා.
ජනාධිපතියි, එයත් එක්ක එකට ඉන්න පොහොට්ටුවයි මී ළඟ මැතිවරණයේදී සුනේ සුන්...
ළමයිනුත් නැති වයසක රනිල්ට ලැජ්ජාවක් නැත්ද මුළු රටම එපා කියපු රටම විනාශ කරපු හොරු ටිකට බලය ආපහු අරන් දෙන්න මෙච්චර මහන්සි වෙන්න...!
ඔව්, දැන් පොහොට්ටුවට තියෙන්නේ රනිල් සරණන් තමයි. මොකද එයාලාට කොන්ද පණ තියෙන නායකයෙක් නැහැ ජනාධිපති කරන්න.
පොහොට්ටුව මේ පාර දේශපාලන පොතෙන් මකලා දානවා මිනිස්සු. ඔබතුමා ඇතුළු පොහොට්ටු සාමාජිකයෝ මේ පාර කුජීත වෙල ගෙදර ඉන්න තමයි වෙන්නේ. ඒ නිසා දැන්ම දෙසපලනයෙන් ඉවත්වෙන්න.
හොරු වෙනුවෙන් හොරු
එතකොට පොහොට්ටුවේ සාමාජිකත්වය නැති රනිල් පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයෙක් වෙන්නෙ කොහොමද ?