(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ජනාධිපතිවරයා යටතේ තිබෙන අමාත්‍යාංශයන්හි වගකීම් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාවෙි දී රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.
ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසද, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසද පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ දෙදින නිල සංචාරදී ද්‍රවිඩ දේශපාලකයන් ඔවුන්ගේ ජනතවගේ මුලික අවශ්‍යතා පිලිබදව නොව දේශපාලකයන් වඩාත් උනන්දු වන්නේ බලය බෙදීම පිලිබදව පමණක් බව ඉන්දියාවට දැන්විය යුතුව්, ද්‍රවිඩ ජනතවට බලපාන ගැටළු පිලිබදව මොවුන් රජය සමග එක්ව ඔවුන්ගේ ගැටළු විසදීමට කට යුතු නොකරන බවට ජාත්‍යන්තරය වෙත ගොස් බලය බෙදීම පිලිබදව අදහස් දක්වන බවටත් පවසා ඉන්දියාවටද සත්‍ය ත්වය / ඔවුන්ගේ දෙබිඩි අවස්ත්වාදී පිළිවෙත පැහැදිලි කරදීම වැදගත්වේ. පාර්ලිමේන්තුවට පත්වූවද රජය සමග එක්ව කටයුතු කටයුතු කිරීම පහර හරිමින් විපක්ෂයේ සිට කටයුතු කිරීම මොවුන්ගේ ප්‍රතිපත්තියක් බවට පත්ව ඇත. ලංකාවේ බලය බෙදීම යනු නැවත ද්‍රවිඩ දේශපාලන සහ කල්ලි කණ්ඩායම් බිහිවී නැවත ඔවුන් අතර බලය වෙනුවෙන් සටන් / මිනීමැරුම් ඇතිවීම පමණක් නොව පොලිසිය සහ හමුදාවන් වෙත චෝදනා එක්ල්ල කිරීම් සහයුද්දය නැවත දකුණට පැමිණිද සිදුවනු ඇත.
පාර්ලිමේන්තුවට පැමිණ ඇමති තනතුරු ලබාඅ ඔවුන්ගේ පුරවසියන්වෙත සේවය කිරීමට මොවුන්ට තිබෙන බදාවන් නොමැතිබව ඉන්දියාවට පැහැදිලි කරදිය යුතුවේ, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ දේශපාලන අවශ්‍ය තත්වයන් නිසා සමස්ත ශ්‍රී ලංකික ප්‍රජාවම අනතුරට පත්වීමට / නැවත අවස්තවක් ලබානොදීමට කටයුතු කලයුතු වෙමු
එනකොට මොනා ඉන්දියාවට දීලා එයිද දන්නේ නැහැ
කොට වජිර ඕක දන්නවනම් කියාවි රනිල් ට ඉන්දීයාවේ අගමැතිකම ගන්න කියලා මෝදි බල කෙරුවා කියලා.