(විමුක්ති එස් රුද්‍රිගු සහ හර්ෂණ තුෂාර ද සිල්වා)
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු වීසා අයදුම්පත ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර ඇතැයි හින්දු' පුවත් පත වාර්තා කළේය.
ද්විත්ව පුරවැසියකු වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හල බව 'ද හින්දු' පුවත් පත ප්‍රකාශ කළේය.
ඉකුත් සෙනසුරාදා පැවති දැවැන්ත විරෝධතාවයෙන් පසුව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට පිටත් වීමේ බලාපොරොත්තුවෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයට වීසා අයදුම් පත්‍රයක් යොමු කර ඇතත් ඔහුගේ අයදුම් පත්‍රය ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කළ බව 'ද හින්දු' පුවත් පත සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් 'ද හින්දු' පුවත් පත විමසීමක් කර ඇතත් මෙම ලිපිය පළ වන අවස්ථාව වන විටත් එම විමසීමට ප්‍රතිචාරයක් ලැබී නැතැයි 'ද හින්දු' පුවත් පත වාර්තා කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී බලය පවරා දීමකට සහයෝගය ලබා දෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් පසුගිය දා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉල්ලා සිටි බවද 'ද හින්දු' පුවත් පත ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා බලයෙන් පහකරන්න මුල්වුණේ කුඩු, පාතාලය සහ මූලධර්මවාදීන් 6900000 න් 6800000 ක් වෙනස් වෙලා නෑ. පෝලිම් ප්‍රශ්නේ නිසා එළියට ආවේ නෑ...
බොරු දේවල් වපුරලා මිනිස්සු මුලා කරලා බලය අරන් රට බංකොළොත් කර, ගොවියන් අනාථ කර මිනිස්සු කී දෙනෙක් පෝලිම්වල මැරුණද? ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බඩගින්නේ.. මේ පාපය තමයි පලදෙන්නේ...!
රටේ වාසනාවට එහෙම වුණේ.. ගෝඨාභයට වීසා ලැබුණා නම් එහෙ යනවා. එහෙම ගියා නම් එසැණින් රනිල් ජනාධිපති වෙනවා. ඒක කබලෙන් ලිපට වැටුණා හා සමානයි. වාසනාවට රට බේරුණා.
ඔබතුමාගේ දරුවන් හා බිරිඳ ඇමරිකන් පුරවැසියන් නිසා ඔබට ඇපීල්කර සහනයක් ලබාගන්න පුළුවන් වේවි... ඒ ඇපීල් කෙරිල්ල ඇමරිකානු නීතිඥයෙක් මගින් කරන්න. අපේ ගොයියන්ට සැලකීමක් නැතිබව ඔබ දන්නවා ඇත...
ගෝඨා ගෝ හෝම් කිව්වට ගෙදර යන්නේ කොහොමද දැන්...
කොහොමද බැසිල්ගේ මොලේ? ඔහු ලංකාවේ ගොයියන්ට බම්බු ගහගන්න කියලා ඇමරිකානු පුරවැසිකම නැතිකර ගත්තේ නැත...
හැම වෙලාවෙම ඇමෙරිකාව ගැන වැරදියට හිතන්න එපා. එයාල හොද වැඩත් කරනව.