
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz ) මහත්මිය සිය සේවා කාලය නිමවා සිය රට බලා පිටත්ව යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූවාය.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක්වූ සහය අගය කළ ජනාධිපතිතුමා කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද කෘතඥතාව පළ කළේය.
එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිවරයාට සහ රජයට ස්තූතිය පළ කළාය .
ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිවරයා සිය සුභාශීංසන එක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඔය මොක වුනත් දැන් අල්ලපු අත්තත් නෑ.. පයගහපු අත්තත් නෑ.. ඇඳන් හිටිය රෙද්දත් නෑ...
ඇලයිනා බී. ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවංකවම සේවය කළ කෙනෙක්.