(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජර්මනියේ පැවැත්වෙන " බර්ලින් ගෝලීය සැසි වාරයට " සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (27) අලුයම පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
සිව් දින නිල සංචාරයක් වන මෙම විදේශගත වීම සදහා එතුමා සමග දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු ද එක් වී සිටියහ .
ඔවුන් කටාර් ගුවන් සේවයේ කිව්.ආර් - 659 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත අලුයම 05.05 ට ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ හවානා නුවර පැවති ජී.- 77 රාජ්‍ය නායක සමුළුවට සහ ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ඉකුත් 13වන දින ගොස් යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත් 24වන දින උදෑසනය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ප්ලේන් එක කඩන් වැටියන්
ඇත්තටම මෙතුමා රට ගොඩගැනීමට දිවා රෑ නොබලා කරන කැප කිරීම් බහුතරයක ට තේරෙන්නේ නෑ
අපි කොච්චර කිව්වත් මේ මිනිස්සු අහන්නේ නැහැ. කිරෙන් කාල තෙලෙන් අත හෝදන මේ මිනිස්සුන්ගෙන් අපි ගැන අවබෝධයක්, අපිට යහපතක් යහපතක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. අපි වැඩ කරන තැන වල අපිව නියාමනය වෙනවා. අපෙන් ඉටුවන සේවය මනිනවා. සපුරගතයුතු ඉලක්ක දෙනවා. මාස් පතා එම ඉලක්ක වෙත ගොස් ඇතිදැයි බලනවා. අපි දිනපතා කරන ක්‍රියා වාර්තා ගත වෙනවා. අඩුපාඩු හදනවා. හදා ගත්තේ නැත්නම් පල විපාක වලට මුහුණ දෙන්න වෙනවා. ඇයි මේ දේවල් ජනාධිපතිට නැත්තේ? ජනමාධ්යෙන් ගවුරවයෙන් ඉල්ලා සිටිනවා මොහු පසුපස ගොස් මොහු කරන කාර්යන් නිරීක්ෂණය කරන ලෙසට. කරන ප්‍රකාශ, වැඩ අදීක්ෂණය කොට වාර්තාගත කරන ලෙසට. කාලයත් සමග ප්‍රගතිය සමාලෝචනය කරන ලෙසට. ප්‍රයෝජනවත් හෝ හානිදායක පුද්ගලයෙක්ද කියල රටට වාර්තා කරන ලෙසට. 10කවත් විශේෂඥ කණ්ඩායමක් යොදවන්න. දවස පුරා.
රටට මොනව උනත් රනිල් එක වාසියට හරවා ගන්නවා , බංකොලොත් වෙන්න කලින් රට බේරගන්න කියල යනවා ,බංකොලොත් උනාට පස්සේ එකෙන් ගොඩගන්න කියල යනවා ......
අයියෝ අපේ බදු සල්ලි .මොකා ආවත් ඕක තමයි කරන්නේ.අපේ සල්ලි වලින් අනික් මුට්ටි අල්ලන උන් එක්ක ලෝකේ වටේ සංචාර කරනවා.තාම මේවා තේරෙන්නේ නැති අපතයෝ ටිකක් ලංකාවේ ඉන්න නිසා දැනට හොඳයි
ඔය යකා ලෝකේ රවුම් ගහන සල්ලි වලට වැස්සියෝ ටිකක් ගත්තානම් කිරි ටිකක් හරි බොන්න තිබුනා.
පිනට ලැබුන ජනාධිපති කමේ ආතල් එක ගන්නවා .තව මාස දාහතරයි ,ඊට පස්සේ යන්න ලෑස්තිවෙයන් වැලිකඩ .ඕවට පොලියත් එක්ක ගෙවන්න වෙනවා
රටේ ණය ගෙවාගන්න සල්ලි නැතුව තව්ටැහැ ණය අරන් ,මුගේ සපත්තු ලෙවන අපතයෝ 12 ක් මහජන මුදල් වියදම් කරගෙන රට සවාරි යනවා තවම
ඔය 12 ට සාගලත් ඇතුලත්ද ?
Nasiyak එවපන් මුන්ව පිළිගන්න
අනුර ගියා නම් පරිවර්තකයන් 1,2 ක් තමා ගෙනියන්නේ ... එත් මෙහෙම ආරාධනා ලැබෙයි ද ?
යන අයට බිස්නස් ක්ලාස් ට්කට් යුරෝපයේ ඉහලම ඉහල හෝටල් ඇතුළු සියලු පහසුකම් සමග ලක්ෂ හතරක් පොකට් මනි.
අපේ අපේ ඇස් බන්ඳා - උඹල සැප වින්දා - මුළු රටම අන්දා - රඟන නිරින්දෝ වෙන කොඉන්දා
තමන් විතරක් නැතිව පිරිවර සමග යනවිට ගමන් වියදම් හෝටල් ගාස්තු කොපමන වෙයිදැයි හිතාගන්න පුළුවන්. මේ වැඩකට නැති සම්මන්ත්‍රනවලට ගිහින් මේ අර්බුද අවස්ථාවේ‍්ත් ජනතා බදුමුදල් නාස්තිකරන හැටි කාටවත් පෙනෙන්නෙ නැද්ද?