IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපති ආරක්ෂක නිලධාරීහු මුහුදට පැන කතක් බේරා ගනිති

(අංජුල මහික වීරරත්න)

ගාලු මුවදොර අසල මුහුදේ  ගිලෙමින් සිටි  කාන්තාවක් බේරා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීහු අද (01) සමත් වූහ .

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින්  උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ ශාරිරික අභ්‍යාසවල නිරතව සිටියදී ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසළින් එක්වරම කාන්තාවක් මුහුදට පැන තිබේ.

එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඒ.එච්.පී.එස්. අධිකාරී නිලධාරියා ඇතුළු කණ්ඩායම එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වූ අතර කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය.

දැනට එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිත අවදානමක් නැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

තම දිවි පරදුවට තබා මෙම නිර්භීත කාර්යය සිදු කිරීම පිළිබඳ පොලිස් පරීක්ෂක ඒ.එච්.පී.එස්. අධිකාරී නිලධාරියා ඇතුළු කණ්ඩායම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්. ජමල්ඩීන් මහතාගේ ඇගයීමට ලක් විය.



අදහස් (0)

ජනපති ආරක්ෂක නිලධාරීහු මුහුදට පැන කතක් බේරා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site