(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සියලු දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (28)පස්වරු 4 .00ට ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත.

රටේ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම විශේෂ හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියමින් ජනාධිපතිවරයාට ලිපියක් භාර දුන් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාද මෙම හමුවට සහභාගි වනු ඇතැයි පැවසේ.