(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අරමුදලින් ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා දැනට ගෙවනු ලබන මූල්‍යාධාර ඉහළ නැංවීමට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට වෛද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙි කමිටුව පත් කර ඇත.

ජනාධිපති අරමුදලින් දැනට ආවරණය වන රෝග සංඛ්‍යාවට අමතරව වෛද්‍ය ආධාර ගෙවන රෝග ලැයිස්තුව යාවත්කාලීන කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දුන්නේය.