
(අංජුල මහික වීරරත්න)
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුවක් ද පැවැත්විණි.
මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.
මේ අතර ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා ( Kassim Majaliwa ) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළේය.
එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප් ඊ. ඩේවිස් ( Philip E. Davis) , ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) , බෙනින් ජන රජයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්ම මහත්මීන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගන්ඩාවට ගිය වෙලේ මහින්ද හන්ගපු ඩොලර් ගැන හොයලා බැලුවොත් නරකද?
මෙයා 1977 ඉදලා රාජ්‍ය නායකයින් හමුවෙන්න පිටරට යනවා මොනවද අපට උන වාසිය කියන්නකෝ එහෙම වාසි උනා නම් අද මේ රට මේ තත්වයේ තියෙන්න විදිහක් නැහැනේ. අපේ බදු සල්ලි වලින් මේගොල්ලෝ කෝටි ගණන් සුද්දෝ වගේ වියදම් කරලා කාලා බීලා සැප අරගෙන හිස් අතින් ලංකාවට එනවා. ලංකාවේ දේශපාලනය කරනවා කියන්නේ නිධානයක් ලැබුණා වගේ තමයි. මේගොල්ලෝ එදා ඉදල කලේ අපිව ඇන්දුව එක තමයි මේගොල්ලෝ ගැන දැන් අපට හොදට තේරෙනවා.
ඉතියෝපියාවෙන්, සෝමාලියාවෙන් එහෙමත් ණය ගන්න වගේ යන්නේ...!
මෙ සියලුම රටවලින් තමුන් නය ඉල්ලුවද ටයි කොට් ඇඳගෙන ....
මුන් සේරම හොරු. හොරු හොරු එකතුවෙලා. වැදගත් රටක නායකයෙක් මේ විදියට ඉදගන කතා කෙරුවද. ලගින් යනකොට හරි. පස්සෙන් ගිහින් හරි තමයි ඒවගේ. කට්ටිය සමග කතා කරන්නෙ අසරන මිනිසුන්ගෙ සල්ලි වලින් රට සවාරි ගහන කාලකන්නි