IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති - අධ්‍යාපන අමාත්‍යාංශ සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව සිදු කළ යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද  සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය  හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය   හරිනි අමරසූරිය මෙනවිය ද මීට සහභාගී වූවාය.



අදහස් (4)

ජනපති - අධ්‍යාපන අමාත්‍යාංශ සාකච්ඡාවක්

Hemantha Thursday, 06 March 2025 03:30 PM

සාකච්ඡා නම් ඉතින් මොනවද මෙයාට..? ඒක විතරයිනේ කරන්න දන්නේ...?

:       9       8

මැක්ස් Thursday, 06 March 2025 03:47 PM

මෙය, චාල්ස් තෝමස් දේවගැති තුමා ලවා පාසල් ළමුන්ට "දුක් ගී" උගන්වන්නට සැලසුම් කරන සාකච්ඡාවක් නොවේ යැයි අපි බලාපොරොත්තු වෙමු.

:       0       0

මැක්ස් Thursday, 06 March 2025 04:06 PM

මේසෙට ගහල ඩඩ්ලිට රුපියල් 10/-ක් වැඩි කරලා දුන්න වගේ සාකච්චාවක් නොවේවා!

:       2       5

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ. Thursday, 06 March 2025 04:52 PM

ඔබ මැතිවරණ වේදිකාවලදී කියූ සියලුම දේවල් ඉටුකළ හැකියි. හරිම සරල දෙයක්. කරන්න බැරි කිසිිවක් ඔබ කීවේ නැහැ. ඒ උනන්දුව දැනුත් තිබිය යුතුයි. නමුත් අවංකව කීවොත් ඔබ යටතේ ඉන්න සමහර අයට වැඩ ගැන නිසි අවබෝධයක් නැහැ. ඉදිරි ගමනට ඒක ලොකු බාධාවක්. මම එහෙම කියන්නේ හේතු ඇතිව. හරියට කලොත් මේ ආණ්ඩුව පෙරලන්න කාටවත් බැහැ. දකුණු පළාතේ අධ්‍යාපනයේ තියෙන අඩුපාඩු අපි තරම් කවුරුවත් දන්නේ නැහැ. දකුණු පළාත පාතාලයෙන් එක වුනේ දේශපාලකයින් සහ නිලධාරින් නිසා. වගකීමෙන් කියන්නේ. මේක වෙනස් කරන්න පුළුවන් ඔබට සහ හරිනි මැතිණියට පමණයි. ඒ හැර වෙනත් අයට ඒ ගැන නිසි අවබොධයක් නැහැ. පළාතෙන් පළාතට හොඳ කමිටුවක් පත්කරන්න. බැහැයි පළාතෙන් පළාතට වෙන වෙන තීන්දු තීරණ ගන්න එක හොඳ නැහැ. අපි යමක් දන්නවා. අපි උදව් කරන්න ලැහැස්තියි. රටක් වෙනස් කළ හැකි හොඳම ආයුධය අධ්‍යාපනයයි. ඔබට කරන්න බැරිමනන් මෙය කරන්න කෙනෙකුත් නැහැ.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site