
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් ගෙවිය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතියට ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ගන්නා ඕනෑම ණය මුදලකින් හෝ මෙම මුදල ගෙවිය යුතු බවටද එම යෝජනාවේ සඳහන්වේ.
මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇතැයිද සඳහන්වේ.
යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය නොගෙනවා ඉතිරි කරගත් මුදල් මුන් මුන්ම බේදාගන්නවා
එක්කෝ ඇත්තටම සල්ලි මදිවෙලා. නැත්නම් මේක පිටින් රට කුලප්පු කරවලා ඡන්දේ දාන්න කරපු ප්ලැනක්
තවත් රුපියල් බිලියන 8.75 ක් ඉල්ලන්නේ මේ වෙනකොට කොච්චර බිලියන ගානක් ඉවර කරලද ඉන්නේ. 2019 ට පෙර ඡන්දයක් පවත්වන්න රුපියල් බිලියන 5-10ක් ප්‍රමාණවත් කියලා තමයි වාර්තා වුනේ. අපි බදු ගෙවලා මේ ජනාධිපති නඩත්තු කරන්නේ මොකක් කරගන්නද? ඉස්සෙල්ලා අනවශ්‍ය ගමන් අඩු කරලා රටේ මහජන සල්ලි නාස්තිය අඩු කරලා පෙන්නන්න. මුළු සමෘද්ධියටම වෙන් කලේ රුපියල් බිලියන 50ක් විතර... දැන් රටේ දුගීභාවය දෙගුණයකින් වැඩිවෙලා...
ඔව් ඉතින් ගෑස්, තෙල් පෝලිම් නැති කරලා, හාල් නිකන් දීලා, 40000 පෝර ගෝනිය 18000ට දීලා රටේ ආර්ථිකයත් ගොඩදාපු එකේ කෝටි 1000ක් දුන්නොත් කමක් නැහැ නොවැ.
125 ක් මම දෙන්නද මේ කැළණි හිගන්නාට.. අපිවම කාාපන් නාකියා.. මරාගෙන කාපන්..
අනේ හත් දෙය්යනේ මේ මොන සාපයක්ද අපේ රටට සිද්ධවුණේ. මොන දෙය්යන්ටද එහෙමත් නැතිනම් මොන යක්ෂයාටද මේ අවනඩුව කියන්නේ? අපේ රටේ සල්ලි නැහැ කියල ඕනිම කෙනෙක් දන්නවනේ. සල්ලි හොයන්න කියලා මිනිස්සුන්ගෙන් හුරලා මරලා බදු ගහල ගන්නවා. මුන්ට බැරි වුනාට ළඟට හෙට උපදින්න ඉන්න දරුවන්ට දියුණු කරගෙන මොනවා කරලා හරි ආදායමක් හොයා ගන්න තියෙන රටේ සම්පත් ඔක්කොම ප්‍රතිව්‍යුහගත කරනවා කියල බොරු ප්‍රෝඩාවක් කරලා සින්නක්කරේටම පිටරැටියන්ට විකුණලා දානවා. ඒ ඔක්කොම සල්ලි මේ විදියට කිසි වැඩකට නැති මේ සුදු අලීයෙක් වගේ ඉන්න මනුස්සයෙකුගේ සුඛෝපභෝගී ජිවිතයක් සඳහා නාස්ති කිරීම මොන තරම් අපරාධයක්ද? අද දියවානාවේ පොහොට්ටුවෝ ඉන්නේ නයා මැරිච්ච අහිකුන්ටකයෝ රැලක් වගේ.අද ඔවුන්ට තියෙන එකම සරණ අලි වලිගෙ එල්ලිලා ඉන්න ඒක විතරයි. ඔවුන් අද කීකරු බලු කුක්කන් රැලක් වගේ නිවට නියාලුව කියන හැම අසමජ්ජාති වැඩක්ම ඒක පයින් කරනවා. මේ රට මේ විදියට යන්නේ මහා විනාශයකට.
රටේ මැතිවරණ වලට තමයි මුදල් නැත්තේ. මේ මුදලින් රටේ සෑම මැතිවරණ කොට්ඨාශයක්ම කෝටි 4 ගානේ වැය කරලා කර්මාන්ත ශාලාවක් හදලා ගම්වල තරුණ, තරුණියන්ට රැකියා අවස්ථා ඇති කළොත් යහපත් නැතිද?
කෝටි 875 ක්... දෙවි හාමුදුරුවනේ... මේවා කජු ඇටද? එසේ නැතිනම් කොස් ඇටද? මේ මුදලත් දැනට භුක්ති විඳින විය හියදම් වලට අමතරව නේද? රටේ ජනතාව මේ තරම් අගහිඟකම් දුක්පීඩා මැද දිවි ගෙවද්දී, රටේ දේශපාලනඥයින් මෙසේ ක්‍රියා කිරීම සදාචාරාත්මක ක්‍රියාවක් වන්නේද?
ඔහොම යං. කාපුවා වමාරන්න තව පෝය පහයි.
යන යකා කොරහා බිදගෙන යන්න හදන්නේ. මේ සල්ලි නැති වෙලාවේ ඔක්කොම හූරගෙන නැති කරලා දාලා යන්න යන්නේ. තවත් මුන්ගේ පස්සේ යන ගොන් නාම්බෝ ඉන්නවා නේ.
තොපි මේක කාබාසිනියා කරලම පලයල්ලා. ජනාධිපතිවරයාට කෝටි 875 ක් කියන්නේ, අසරණ පවුල් ලක්ෂ ගණනකගේ ලයිට් කපලා. කන්න නැහැ. හාමු ගෝලයෝ ටිකත් එක්ක ලෝකේ වටේ රවුම් ගහනවා.
මෙහම බලන විට ජනාධිපති ගොඩ දාල තියන්නේ රටේ ආර්ථිකය නොවේ, ඔහු විසින් ඔහුව ගොඩ දාල තියන්නේ.
ඉස්සර රටට ලැබෙන සල්ලි ගාණට හරියනකල් ණය අරන් එව්වා කාබාසිනිය කළා. දැන් ණය වාරික ගෙවන එක නවත්තලා, ඒවට ගෙවන්න තියෙන සල්ලිත් කාබාසිනිය කරනවා.
ඇයි ... මෙයාට ඡන්දේ තියන්න කෝටි 50ක්ද කොහෙද නෑ කියලානේ කිව්වේ?