IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළේ රාජපක්ෂවරුන්‘

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වූයේ රටේ ජනතාව නොව රට විනාශ කළ රාජපක්ෂවරුන් යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මුළු රටම යථා තත්ත්වයට පැමිණි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් රටේ විදුලි බිල 500%-600%ක වැඩි වීම, ජල බිල වැඩි වීම, ජීවන බර වැඩි වීම, රැකියා අහිමි වීම, කර්මාන්තශාලා වැසී යාම, තරුනයන් මහ පාරට බැසීම තුළ කොවිඩ් සමයේ මෙන් රට තුළ අර්බුදයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව සාමාන්‍යකරනය යනු ජන දුක නිර්මාණය කිරීමේ සාමාන්‍ය තත්ත්වය බවත් යාපහුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන අමතමින් ඔහු කීවේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, නලින් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (6)

‘ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළේ රාජපක්ෂවරුන්‘

රාජසේන Sunday, 10 March 2024 05:59 PM

ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කලේ රාජපක්ෂලා නොවෙයි රාජපක්ෂලා වැල් පාලමෙන් එගොඩ කලේ ජනාධිපතිවරයා කියලා නිවැරැදි වෙන්න ඕනෑ අරගලය වෙලාවේ ජීවිතය බේරාගැනීමට ක්‍රමයක් නැතුව සිට රැවුලටත් ඡන්දේ ලැබේවි කියලා හිතන සිහින කුමාරයා උඩු රැවුලත් හදාගෙන කටත් ටිකක් ප්‍රාණවත් කර ගත්තේ ජනාධිපති රනිල් නිසා මිස වෙනත් කෙනෙක් නිසා නොවෙයි. රනිල් වැල් පාලමෙන් එගොඩ ගියාද කියලා බලන්න වෙන්නේ ඊළඟ ජනාධිපතිවරණ ප්‍රතිඵලය මත තමයි...!

:       0       0

පිටිගල මිලානෝ Sunday, 10 March 2024 08:04 PM

වරුන් ද හොරුන් ද…?

:       0       0

Sara Sunday, 10 March 2024 10:53 PM

රාජපක්ෂවරුන්ගේ තුට්ටු දෙකේ වැඩ තමයි " අපි තමයි හොඳටම කළේ..., අපි තමයි ගොඩ දාලා දුන්නේ ' කියමින් නයා අරින එක...

:       0       1

Prabha Monday, 11 March 2024 12:18 AM

ඒ රාජපක්ෂ නැද්ද? අපේ නන්ගි තාම වැලිකඩ කූරු ගනිනවා කියලා කියන්න.

:       0       0

Perera Monday, 11 March 2024 07:49 AM

රාජපක්ෂවරුන්ද රාජපක්ෂ හොරුන්ද ?දෙකේ ලොකු වෙනසක් තියනවා

:       3       3

Bamunuarachchi Tuesday, 12 March 2024 11:37 PM

අපි බලාගෙන ඉන්නේ ඕගොල්ලෝ වැල් පාලමට ගොඩවෙනකන් වැල් පාලම කපාදමන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site