(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයා දැන් බලය අත්හැරීමට හිත හදාගත යුතු බවත්, බලපොරය නිසා පමාවෙමින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 21 වන සංශෝධනය තවත් පමා නොකර කඩිනමින් සම්මත කරගත යුතු බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (15) පැවසීය.
පැවති ජනතා විරෝධය යටපත් වී ඇතැයි ආණ්ඩුව සිතනවා නම් එය වරදක් බව කී මන්ත්‍රීවරයා 21 වන සංශෝධනය පමාවීමෙන් ආණ්ඩුව මෙන්ම රටම අස්ථාවර වනු ඇතැයි සඳහන් කළේය.
ජනාධිපතිවරයා වටා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන් එය පමා කරමින් කරන්නේ වරදක් බව කී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්වී එය ඉක්මන් කළ යුතු බව ද කීවේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ මස අග මෙරටට පැමිණීමට නියමිත අතර, ජූලි මුල පමණ ඔවුන් සමග මාණ්ඩලික ගිවිසුමකට අත්සන් කිරීමේදී පවතින ආණ්ඩුව කුමක්ද, ඔවුන් දෙන මාර්ග සිතියම ක්‍රියාත්මක කළ හැකිද යන විශ්වාසය ලබාදිය යුතු බව කී රණවක මහතා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති පරිදි චීනය, ජපානය, ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු මිතුරු රටවල ආධාර සමුළුවක් පවත්වන්නේ නම් රට තුළ ප්‍රජාතාන්ත්‍රික පාලනයක් ඇති බව, නිදහස් පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වන බව පෙන්විය යුතු බව ද කීවේය.
ජාත්‍යන්තර උපකාර බලාපොරොත්තු වෙනවා නම් ඊට අනුරූපව අපේ ප්‍රතිරූපයත් සකසා ගත යුතු බව කී මන්ත්‍රීවරයා තුන් හතර දෙනෙක් එක්වී ආර්ථිකය ගෙන යා හැකි බව සිතනවා නම් එය ලොකු මුලාවක් බව පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ ප්‍රියංකර ජයරත්න නැවත පාර්ලිමේන්තුවට පත්කර ගනිමු.
රට අගාධයට ඇද දැමූ රාජපක්ෂ පාලනය ඉවත් වී, වර්තමාන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉවත්වී ජාත්‍යන්තර රට වලින් උදව් ගැනීමට අවකාශ සැලසිය යුතුය.එසේ නැතහොත්,රට වැට්ටවු දේශපාලකයන් තවමත් බලයේ රැඳී සිටින්නේ නම්, පිටරට වල උදව් ලැබීම සිදු නොවීය හැකිය.
ගේම් දීලා, ගේම් ගගහා බලයේ ඉන්ඩ හදපු බලලෝබි බඩගොස්තරවාදි පවුල් පාලනේ අය බලය අත හරින්ඩ කැමති නැහැ. 69 ලක්ෂයක් චන්දෙ දිලා බලයට පත්කරපු නායකයෙක් ලෙහෙසියෙන් යාවිද ?
ඕයි පාඨලී, අපිට 19න් වැඩකුත් නෑ,21 න් වැඩකුත් නෑ. උබලා ඔක්කොම එකතුවෙලානෙ රට කෑවෙ.පව් නොදී පලයන් 225ම දැන්වත්
මෙයා හොඳයි ලී වල පාට ගාන්ට.
අපේ රටේ ගොඩක් ඉන්නෙ බඩගෝස්තරවාදී මිනිස්සු. මෙ අදහස් දැක්කම පෙන්නෙනැද්ද? කම්බ හොරුන්ට වදිනවද, මහ රජා කියනව. කරුනු හරියට කතා කරන ලොකු පවුල් නැති උන්ට ගරහනව. දීනකමෙ උපරිමය.
ඔහෙත් ඒ පාර්ලිමේන්තුවේම නේද ඉන්නේ...? කෝ පනත ඉදිරිපත් කළාද?