(ඩයනා උදයංගනී)
රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්‍ෂ එක්කරගත් සර්ව පාක්‍ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රජයේ වත්මන් වැඩපිළිවෙල යටතේ සහ රට බංකොලොත් කළ දේශපාලකයන් සහ නිලධාරීන් පැත්තක සිටියදී තරුණ සමාජ ක්‍රියාකාරිකයන් හඹා ගොස් හදිසි නීතිය යටතේ ප්‍රශ්න කරන්නට, පැහැර ගන්නට යාමෙන් ආණ්ඩුව ගැන රටේ විශ්වාසයක් ගොඩනොනැගෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එයින් රටේ ප්‍රතිරූපය තවත් ඇද වැටෙන බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා පොහොට්ටුවේ විශ්වාසය දිනාගත්තාට අමතරව ජනතා විශ්වාසය දිනාගත යුතු බවත්, පොහොට්ටුව ගැන ජනතා විශ්වාසයක් නොමැති බවත් කීවේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (31) පැවති කොස් පැල සිටුවීමේ වැඩසටහනකට සම්බන්ධවීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල්ලුන්ට මේවා කියලා වැඩක් නැහැ.
අරගල කාරයින්ගේ විශ්වාසය නොවෙයි. අරගලෙත් හෙමින් දියවේගන යනවා...
රනිල් ජනාධිපතිකම භාර අරන් රටට සෙතක් කරයි කියලා හිතනවා වගේම චම්පික මහත්තයාත් බොහොම උගත් මනුස්සයෙක්. මේ ආණ්ඩුව යටතේ වුණත් එයාට ඇමතිකමක් දීලා වැඩක් ගන්න ඕන කෙනෙක්
ජනාධිපති හීන දකින පොරක්...
අපොයි අර අහිංසක කොල්ලෙක් අසරණව සිටිද්දී අහක බලා ගත් හැටි.
අවුරුදු 15 ක් 20 ක් රට බංකොළොත් වෙනකල් පාර්ලිමේන්තුවේ නිදාගෙන හිටපු අය දැන් නැගිටලා, එකමුතුවෙලා ඉස්සෙල්ලාම මේ අගාධයෙන් රට ගොඩ දාන්න උදව් කරන එක තමයි නියම සමාජ සේවය.., මේ රටට වුණේ සමාජ සේවකයෙක් හොයාගන්න බැරිවුණු එක. බංකොලොත් වෙනකල් වෙච්ච් දේවල් දන්නෙත් නැහැ. දැන් බයිලා ගහලා මොකටද? හිස් වචන...
ඔය බයිලා නොකියා, ඔබත් සම්බන්ධ වෙලා රනිල්ට උදව් කරන්න. එවිට සාර්ථක වේවි..!